27 April 2024
#දේශීය

මාතලේ කලාභුෂින සම්මාන ලාභින් දිසාපති හමුවෙයි

2021 වර්ෂය සඳහා ජාතික කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ මාතලේ දිස්ත්‍රික්කයේ සම්මානලාභීන් ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තේජානී තිලකරත්න මහත්මිය හමු විය.

ඒ අනුව නර්ථන කලාව වෙනුවෙන් ජී. ජී. එස්. පුසු්සැල්ල, හේවිසි හා බලිශාන්ති කර්ම වෙනුවෙන් පී. ජී. සිරිසේන,බලි ශාන්ති කර්ම සහ හේවිසි වෙනුවෙන් එච්. ජී. පුංචි බණ්ඩා, ලාක්ෂා සහ සේසත් කලාව වෙන්වෙන් ජී. ජී. නන්දාවති, සහ ලී කැටයම් කලාව වෙන්වෙන් ඩබ්ලිව්. ජී. පතිරත්න මහත්ම මහත්මීන් මෙවර මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේය.

සම්මානලාභීන් දිස්ත්‍රික් ලේකම්තුමිය හමු වූ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) චමිලා අතපත්තු,සංස්කෘතික නිලධාරීන් වන ප්‍රභාෂිනී පෙරේරා, උපුල් නන්දන කුමාර යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *