27 April 2024
#දේශීය

ලොහාන් රත්වත්තේට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයට පත් කරයි 

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතාව පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අදාළ පත්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කෙරිණ.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *