• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට වසරකට රුපියල් කෝටි 96 ක් සැෂේ පැකට් භාවිතා කරන බව හෙලි වෙයි – පරිසර අමාත්‍යාංශය

2 December 2020
in දේශීය

මෙරට වසරකට රුපියල් මිලියන 960ක සැෂේ පැකට්වල වල අඩංගු ෂැම්පු, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් භාවිතා කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව ලබන වසර මුල සිට සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම තහනම ක්‍රියාත්මක කිරීමට පෙර දැනට මෙරට එම ව්‍යාපාර කටයුතුවල නිරත පුද්ගලයින්ගෙන් ඔවුන් මුහුණපාන ගැටළු සම්බන්ධවත්, ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා දැනට භාවිතා කරන පරිසරයට අතිශය අහිතකර සැෂේ පැකට් වෙනුවට විකල්ප නිෂ්පාදන හා ක්‍රියාමාර්ග සම්බන්ධවත් සාකච්ඡා පැවැත්විනි.

එහිදී පැහැදිලි වූ කරුණක් වුයේ දැනට අප රටේ රුපියල් මිලියන 960ක සැෂේ පැකට්වල අඩංගු ෂැම්පු, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි අලෙවි වන බවයි. ඒ අනුව අපේ රටේ දිනකට රුපියල් ලක්ෂ 26ක එම ද්‍රව්‍ය අලෙවි කෙරේ. මෙම භාවිතා කරන ලද හිස් සැෂේ පැකට් සියල්ලම පරිසරයට මුදා හැරෙන අතර එමනිසා ජලමුලාශ්‍ර, ගංගා ඇලදොළ මෙන්ම වැව් පොකුණු මෙන්ම දිය ඇලි ද බරපතල පරිසර තර්ජනයකට ලක් ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

අප රටේ එක්තරා සමාගමක් විසින් මේ වනවිට ෂැම්පු, හෙයාර් ඩයි මෙන්ම හෙයාර් ජෙල් ඇසුරුම් කිරීම සඳහා එම පැකට් බිලියන 05ක් ගෙන්වා ඇතැයි එම සමාගම විසින් තමන්ට දන්වන ලද බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වුවද, 2021 ජනවාරි 01 දින සිට මෙම සැෂේ පැකට් භාවිතය මෙරට තහනම් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී වෛද්‍ය හා ආහාර සැකසුම් තහනම් නොකෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර තමන්ට සහන කාලයක් ලබා දෙන ලෙස ඇතැම් සමාගම් විසින් ඉල්ලා ඇති අතර මෙම තීරණය ගනු ලැබුයේ එම සමාගම් අකර්මණ්‍ය කිරීමේ අරමුණින් නොවන නමුත් අදාල සමාගම් විසින් විශාල ළාබයක් මෙමගින් උපයන නිසා රටේ පරිසර සුරක්ෂිතතාවය උදෙසා ද අවධානය යොමු කළ යුතු යැයි අමාත්‍යවරයා කීය.

 

 

Post Views: 8
Previous Post

උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Next Post

ලොහාන් රත්වත්තේට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයට පත් කරයි 

editor

editor

Next Post

ලොහාන් රත්වත්තේට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයට පත් කරයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved