27 April 2024
#දේශීය

අඩු ආදායම්ලාභීන්ට සුර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ

දිවයිනේ සියලුම අඩු ආදායම්ලාභි පවුල් වෙසෙන නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙළ වහාම අරඹන්න කරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

දැනට අප රටේ සිටින අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සඳහා නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර කට්ටල නොමිලයේ ලබා දීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකසන්නැයි ඊයේ (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව විශේෂයෙන් මෙම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙළ Indian Credit Line මගින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය ද පළ වී තිබේ. අඩු ආදායම්ලාභී පවුල්වලට දැනට ලබා දී ඇති විදුලි සම්බන්ධතාවලට ඔවුන්ට මාසිකව විදුලි ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර මෙම වැඩ පිළිවෙළ යටතේ ඔවුන්ට නොමිලයේම විදුලිය ලබා දීම අරමුණ වේ.

අප රට තුළ දැනට විදුලිය සැපයුම් පහසුකම් නොමැතිව සිටින සමස්ත පවුල් ගණන 12,500ක් වන අතර එම පවුල් ද ඇතුළත්ව අඩු ආදායම්ලාභි සියලුම පවුල් සඳහා නොමිලයේ සුර්ය බල විදුලි උත්පාදක කට්ටල ලබා දීමට පියවර ගැනීමට නියමිතය.

දැනට සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 17ක් පමණ සිටින බැවින් එම පිරිස ද මෙම වැඩ පිළිවෙළට ඇතුළත් කර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *