නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය මඟින් සිදු කරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මා ඔය පාලම අද (ජූනි 07) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ රථවාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව පොලිසිය නිවේදනය කරයි.
මෑතකදී ඇති වූ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මා ඔයේ ජල පහරට ගසා ගෙන ආ උණ පඳුරු සහ ගස් මුල් පාලමේ සිරවී තිබීම නිසා, එම සුන්බුන් ඉවත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
එබැවින්, එම කාලසීමාව තුළ මා ඔය පාලම හරහා ගමන් ගන්නා සියලුම රියදුරන් සහ මහජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය කාරුණිකව ඉල්ලා සිටී.
















