මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරනු ලබන ආගමික වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් ආධාර උපකාර කරන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සැදැහැවත් මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.
පොසොන් උත්සවයේ කටයුතු වෙනුවෙන් රජය පාර්ශ්වයෙන් වෙන්කර ඇති රුපියල් ලක්ෂ 50ක ප්‍රතිපාදනය සමස්ත පින්කම් මාලාව සංවිධානය කිරීමට ප්‍රමාණවත් නොවන බව විහාරාධිපති නාහිමියෝ පෙන්වා දෙති. එම නිසා මෙම උදාර පුණ්‍යකර්මය සඳහා දායක වීමට අපේක්ෂා කරන පින්වතුන්ට “මිහින්තලා රජමහා විහාර අරමුදල” වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පහත සඳහන් බැංකු ගිණුම් වෙත සිය මූල්‍ය පරිත්‍යාගයන් බැර කළ හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් දැනුම් දෙති.
ආධාර ලබාදිය හැකි බැංකු ගිණුම් විස්තර:
හැටන් නැෂනල් බැංකුව (HNB), මිහින්තලේ ශාඛාව, ගිණුම් අංකය: 010010023463
ලංකා බැංකුව (BOC), මිහින්තලේ ශාඛාව, ගිණුම් අංකය: 90797118
















