27 April 2024
#දේශීය

අනවසර විදුලි රැහැනක ගැටී අයෙකු මරුට

මොරවැව, පන්කුලම ප්‍රදේශයේ අද (16) අලුයම 01 ට පමණ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ එම අනවසර විදුලි රැහැන සතුන් මැරීම සඳහා යොදා ගෙන ඇති බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් වු කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා පන්කුලම, මොරවැව ප්‍රදේශයේ කුඹුරු වැඩ සඳහා පැමිණ සිටියදී මෙසේ මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *