27 April 2024
#දේශීය

බස්නාහිරින් එහාට කොරෝනා ව්‍යාප්ත වෙලා – වෛද්‍ය හරිත

බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට කොරෝනා වෛරසය පැතිරි ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ මේ වන විට බස්නාහිර පළාතේ සමස්ත වර්තාවන ගණන අඩුවීමක් තිබුණද මරණ සංඛ්‍යාව වැඩිම කොළඹ ප්‍රදේශයේ බවයි.

එසේම අදාළ බලධාරින්ට පවතින උත්සවය කාලයේදී ජනතාව වෙත දැඩි නීති රිතී දැමීමට සිදුවන්නේ ඔබගේ වගකීම් නිසි ලෙස ඉටු නොකලහොත් බව ද හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ ජනතාවගෙන් ඉතා වගකීමෙන් කටයුතු කරනු ඇති බව බලාපොරොත්තු වන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *