කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක පිටුපස දොරෙන් පුද්ගලයෙකු වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ ඊයේ (02) සවස 6 ට පමණ මාවනැල්ල ප්රදේශයේදී මෙම පුද්ගලයා බසයේ පිටුපස දොරෙන් බිමට වැටී බරපතල තුවාල ලබා කඩුගන්නාව රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇතිබවයි.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වු කඩුගන්නාව ප්ර දේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කඩුගන්නාව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුර අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.