• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි 20 වන සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්

16 October 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ සීග්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය 20 වැනි සංවත්සර සැමරුම ඔක්තෝබර් මස 03 වන දින අභිමානවත් අයුරින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ස්ථාපනය කර වසර 20ක් පිරෙන මෙම මොහොතට සමගාමීව සණස ලයිෆ් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණු අතර ඒ සඳහා සණස ලයිෆ් සහ සණස ජෙනරල් ආයතනයන්හි කාර්යමණ්ඩලයේ රුධිර පරිත්‍යාගශීලීන් රැසක් දායකත්වය සැපයීය.

අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන්, රටේ සම්පත්වල දායකත්වය රටට අවැසි මොහොතක සණස ලයිෆ් වෙතින් මෙවැනි සත්කාරයක් සංවිධාන කිරීම කාගෙත් පැසසුමට ලක් වූ කරුණක් විය. ඊට අමතරව දිවයින පුරා ව්‍යාප්තව පවතින සණස ලයිෆ් පුළුල් ශාඛා ජාලය මඟින් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. ඒ අතර, බලංගොඩ යශෝධරා අඳ, ගොළු, බිහිරි පාසලේ දරුදැරියන් 50 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය සහ පාසල් උපකරණ ලබාදීම, මහනුවර පිළිකා රෝහලේ හා මානසික දුබලතාවයෙන් පෙළෙන රෝගීන් සඳහා දානය පිරිනැමීම, කුලියාපිටිය රෝහලේ රෝගීන් සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබීම, බණ්ඩාරවෙල, මොණරාගල, නුවරඑළිය, මස්කෙළිය, රාගල, පුස්සැල්ලාව, හැටන්, වැල්ලවාය හා වැලිමඩ යන ප්‍රදේශ ආවරණය වන පරිදි සුවිශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය ලබන දෝව දූරදර්ශි විශේෂ පාසලේ ශ්‍රමදානයක් සංවිධානය කිරීම, පාසල් ළමුන්ට පාසල් උපකරණ බෙදා දීම හා උදෑසන ආහාරය ලබාදීම සිදු කිරීම, ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උර ශෛල්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරින්, හෙඳ හෙදියන් පරිහරණය සඳහා යොදාගන්නා සනීපාරක්ෂක පාවහන් යුගල 50ක් පරිත්‍යාග කිරීම, තංගල්ල අඳ, ගොළු, බිහිරි විද්‍යාලයේ දරු දැරියන් සඳහා දිවා ආහාරය ලබාදීම, අනුරාධපුරය අශෝකා බාලක ළමා නිවාසයේ ළමුන් 13 දෙනාගේ එදිනෙදා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම, ගලෙන්බිදුණුවැව ළමා නිවාසයක දරුදැරියන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම, පොළොන්නරුව මහ රෝහල සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කිරීම, පදවිය මූලික රෝහලේ අළුත්වැඩියා කටයුතු කිරීම, මිනුවන්ගොඩ රෝහලේ වාට්ටුවක් අළුත්වැඩියා කිරීම, මාවනැල්ල වැඩිහිටි නිවාසයක් සඳහා දිවා ආහාරය ලබාදීම, මාලඹේ කාන්තා හා ළමා සායන සඳහා සහභාගීවන්නන් හට කුරක්කන් කැඳ හා පෝෂණ මල්ලක් ලබාදීම, ආදිය ප්‍රධාන වේ.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව පිළිබඳ අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරි, අයිවන් නිකලස් මහතා “වසර 20ක් පුරාවට අපට කොතරම් අභියෝග වලට මුහුණ පෑමට සිදුවූවත් ආයතනයක් වශයෙන් අපි පසුබැස්සේ නැහැ. දිනෙන් දින අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළා. ඉදිරියට තවත් විශාල ගමනක් අපිට යන්න තිබෙන අතර දැවැන්ත සන්නාමයක් වශයෙන් මේ වන තෙක් අපි ප්‍රජාසත්කාරක වැඩසටහන් ගණනාවක් දිවයින පුරා දියත් කරලා තිබෙනවා. 20 වන සංවත්සරය සමරන මේ මොහොතේදීත් එවැනි වැඩසටහන් රැසක් ශාඛා මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව පවතිනවා. ඉතින් ඒ සෑම දෙයක් වෙනුවෙන්ම සණස ලයිෆ් සන්නාමය සමඟ විශ්වාසයෙන් රැදී සිටි අපගේ පාරිභෝගික භවතුන්ට මෙන්ම සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය වෙනුවෙන් කැප වීමෙන් සේවය කළ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිට සියලුම සේවකයින්ට මාගේ හෘදයාංගම ස්තූතිය පිරි නමන්න කැමතියි.” බව ප්‍රකාශ කර සිටියි.

සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මීට පෙරද කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදීද සමාජ සුබසාධන සේවා කිහිපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. දිවයින පුරා සියලුම ජනතාවට වඩාත් ලෙන්ගතු සේවාවක් සපයමින්, සියලු ජීවිත රක්ෂණ අවශ්‍යතා සඳහා එකම වහලක් යටතේ සේවා සැපයීමේ පරමාර්ථය ඇතිව පාරිභෝගිකයින් හට ඉතා ඉහළ විශ්වාසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය දිවයින පුරා විිසිරුණු ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවක් ඇති දැවැන්ත රක්ෂණ සමාගමකි.

පිටපත – PR

Post Views: 8
Previous Post

ඡන්දය කල් දාන්න අපි අනුබල දෙන්නේ නෑ – මහලේකම් සාගර

Next Post

තඹ, පිත්තල සහ ඇලුමිනියම් රකින වැඩක් ඇමැති සියඹලාපිටිය අරඹයි

editor

editor

Next Post

තඹ, පිත්තල සහ ඇලුමිනියම් රකින වැඩක් ඇමැති සියඹලාපිටිය අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved