27 April 2024
#දේශීය

තඹ, පිත්තල සහ ඇලුමිනියම් රකින වැඩක් ඇමැති සියඹලාපිටිය අරඹයි

ආනයන සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති තඹ, පිත්තල සහ ඇලුමිනියම් නීතියෙන් බැහැරව රටින් පිට කිරීම වැලැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඇලුමිනියම්, පිත්තල සහ තඹ ආනයන සහ අපනයනකරුවන් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ දැනට එච් එස් කේත යටතේ ලියාපදිංචි කර නොමැති භාණ්ඩ විදෙස් වෙළෙඳපොළ වෙත යාම වැලැක්වීමට සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවයි. එය මෙරට කර්මාන්ත ආරක්ෂා කිරීමේ පියවරක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *