27 April 2024
#දේශීය

මාතලේ රිලා තර්ජනය උග්‍ර අතට

රිලා ආක්‍රමණයකින් මාතලේ අවට ගම්මාන රැසක ජනජීවිතවලට තර්ජනයක් එල්ලවී තිබෙන අතර එය ත්‍රස්තාවදයක් බවට පත්ව ඇති බව මාතලේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසයි.

මාතලේ නගරය , උප නගර ඇතුළු නගරාශ්‍රිත ගම්මානවලටද මෙම රිලා තර්ජනය බලපා ඇති බවත් ගම්මානවලට කඩා වැදුනු රිලවුන් බවභෝග විනාශ කිරීමේ මහා විනාශයක් සිදු කරන බවද ඔවුන් පවසයි.

ගම්මානවලට කඩා වැදුනු රිලවුන් කිසිදු බෝග වගාවක් පවත්වා ගෙන යාමට ඉඩ නොදෙන තරමින් අස්වැන්න කා දමන බවත් නිවෙස්තුළට ඇතුළුවී බත් මුට්ටි පවා ඔසවා ගෙන යන බවය.

රිලා හානියෙන් වාර්ෂිකව සිදුවන රුපියල් කෝටි ගණනක බෝග හානියක් සිදුවීම නිසා ගොවින් ගොවිතැනින් බැහැරවීමේ අවදානමක ඇති බවත් පොල් ඇතුලු අනෙකුත් බෝග වැඩි වශයෙන් විනාශ වි ඇති බවත් පොල් මිල ඉහළ යාමට ද මෙම රිලාවුන්ගෙන් වන හානිය ද බලපා ඇති ගොවිහු පෙන්වා දෙයි.

රිලා ගහණය පාලනය කිරිම සදහා යම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් මේ වන විට රිලා ගහනය අසිමිතව වැඩිවිම හේතුවෙන් මෙම රිලා උවදුර ඉහළ යාමට හේතුවී ඇති අතර වනාන්තර තුළ ආහාර වර්ග හිගවීමද රිලවුන් ගම්මාන ආක්‍රමණය කිරීමට බලපා ගම්මානවල ජනතාව පවසයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *