27 April 2024
#දේශීය

හංගේරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව

ඉංජිනේරු, විද්‍යා, ආර්ථික විද්‍යා හා ජල කළමනාකරණ ඇතුලු පුළුල් පරාසයක අධ්‍යයන ක්ෂේත්‍රයන්හි උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුනට හංගේරියානු රජයෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව රැසක් පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

හංගේරියානු විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍ය පීටර් සියාර්ටෝ මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අවබෝධතා ගිවිසුමට පසුගිය 12 වනදා දින විදේශ අමාත්‍යාංශයේ දී අත්සන් තැබීය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, හංගේරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් සෙරෙස්සීස්, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුලු දෙරටේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *