මධ්‍යම පළාත තුළ ඩෙංගු ව්‍යාප්තිය මැඩලිම සදහා ගත හැකි සැම පියවරක්ම ගන්නා ලෙස පළාතේ සියලු බලධාරින්ට දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
මාතලේ දිසා ලේකම් කාර්යාලයේදි පැවති රැස්විමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවසිය.
වැඩිදුටරත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාතේ සියලු පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත්‍රතා කටයුතු කිරීමේ සිදු කරන ලෙසත් සෞඛ්‍ය අංශ හා පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට විශාල කාර්යභාරයක් පැවරෙන බවද පැවසිය.
ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් දුන් බවද ආණ්ඩුකාරවරයා පැවසිය.
ඊට අමතරව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පළාත් පාලන ආයතන මට්ටමින් සිදු කරන උපදෙස් දුන් බවද හෙතෙම සදහන් කළේය.
මාතලේ මහේෂ් කිර්තිරත්න