• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලක්වාසී සැමට සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සර්ව ආගමික ආශිර්වාද කිරීමේ වැඩසටහනක්

12 May 2023
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන කොළඹ වරාය නගරය එහි ප්‍රකාශිත නිමවුම් මූලික අදියරයන් මේ වනවිට නිම කිරීමට ආසන්න වෙමින් පවතී.

මෙම සංවර්ධන ප්‍රයත්නයන් වඩාත් කාර්යක්ෂමව නිම වීමටත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියට මෙන්ම අප දේශයට ආශිර්වාද ලබා ගැනීම නිමිති කර ගනිමින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo (pvt) Ltd (CPCC) හි සහයෝගීත්වයෙන් මැයි 6 වන දින සර්ව රාත්‍රික මහා පිරිත් සජ්ඣායනාවක් සහ ඉන් අනතුරුව මැයි 7 වන දින සර්ව ආගමික ආශිර්වාද සහ මහා සංඝයා උදෙසා දානමය පිංකමක් පවත්වන ලදී.

වෙසක් උත්සවයට සමගාමීව පැවති මෙම ආශීර්වාද මෙහෙයට, මැයි 7 වන දින ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික ප්‍රධාන සංඝනායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන ආගමික ප්‍රජාවන් වන හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරන ආගමික නායකයින්ද සහභාගී විය. මෙම අවස්ථාවට මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශවල ප්‍රධාන පෙළේ නියෝජිතයන් පිරිසක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ද එක්වූහ.

මෙම සුවිශේෂී අවස්ථාව පිලිබඳ අදහස් දක්වමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බී වික්‍රම මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ප්‍රකෘතිමත් වීමේ ගමනක් ආරම්භ කරන අවස්ථාවේ, කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමේ උත්ප්‍රේරකයක් ලෙස ප්‍රධාන භූමිකාවක් ගෙන කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරී භූමි ප්‍රදේශයේ කොටසක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකමය වශයෙන් වඩාත් ආකර්ශනීයම ව්‍යාපෘතියයි. එහි උපායමාර්ගික පිහිටීම සහ අති නවීන යටිතල පහසුකම් සමඟින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, කලාපයේ ප්‍රධාන ආර්ථීක මධ්‍යස්ථානයක් බවට පත්වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, රැකියා උත්පාදනය කිරීමට දායක වෙමින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකියාව ඇත.” කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කර ඇති නියාමන රාමුව ආයෝජක හිතකාමී වන අතර එමගින් ශ්‍රී ලංකාව විදේශ ආයෝජන සඳහා වඩාත් කැමති, ආකර්ශනීය අවකාශයක් බවට පත් කිරීම මූලිකම අරමුණුක් වේ. එබැවින් මෙම වැදගත් අවස්ථාවට ජාතියක් හැටියට අප සියල්ලන් හටම සුවිශේෂි අවස්ථාවක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව පිළිබඳව කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි (CPCC) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, තුල්සි අලුවිහාරේ මහතා පැවසුවේ, “කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමඟ එක්ව මෙම සර්ව ආගමික ආශීර්වාද මෙහෙයන් පැවැත්වීමට ලැබීම අප භාග්‍යයක් ලෙස සලකනවා. කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට ගෝලීය ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගත් සංවර්ධන ව්‍යාපෘතියක්, මේ වෙසක් කාලය තුල අපි සැවොම බෙදීම් නොමැති සමෘද්ධිමත් අනාගතයක් අපේක්ෂා කරන අතර, අප විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභ සමානව නුදුරු අනාගතයේදී භුක්ති විඳිය හැකිය යන්නයි. අපි කුසලතාව පිලිබඳ විශ්වාසය තබන අතර පුද්ගල පසුබිම නොසලකා සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටිමු. කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සහ සමස්ත ශ්‍රී ලංකාවට ආශිර්වාද කිරීම සඳහා මෙම උතුම් සර්ව ආගමික ආශිර්වාද පූජාව සංවිධානය කරගැනීමට ලැබීම අප ඉතාමත් භාග්‍යයක් හැටියට සලකනවා. මෙම සර්ව ආගමික ආශීර්වාද මෙහෙයන් ශ්‍රී ලාංකිකයන් සැමට ආශීර්වාදයක් මෙන්ම ඔවුන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා අපගේ කැපවීම සංකේතවත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.”

කොළඹ වරාය නගරය සඳහා පිරිත් සජ්ඣායනා කිරීමේ පිංකම සහ සර්ව ආගමික ආශිර්වාද ලබා ගැනීමේ මූලික අරමුණ වූයේ කොළඹ වරාය නගරයෙන් බලාපොරොත්තු වන සැලකිය යුතු ධනාත්මක ආර්ථික බලපෑම අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අනාගත අභිප්‍රාය වෙනුවෙන් සාර්ථකව දායක කර ගැනීම. එහි උපායමාර්ගික පිහිටීම, අති නවීන යටිතල පහසුකම්, ආයෝජක හිතකාමී නියාමන රාමුව සහ පූර්ණ සේවා පියස පහසුකම් සමඟින්, කොළඹ වරාය නගරයට ශ්‍රී ලංකාවේ ආර්ථික පරිසරයට යහපත් පරිවර්තනයක් ගෙන එමින් විදේශ ආයෝජන සඳහා ආකර්ශනීය තෝතැන්නක් බවට පත් කිරීමට ඉමහත් වූ හැකියාවක් ඇත. කොළඹ වරාය නගරය ඉදිරියටත් සිය අරමුණු, ඉලක්ක සහ ප්‍රතිඥාවන් ඉටුකරමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරනු ඇත.

 

පිටපත – PR 

Post Views: 20
Previous Post

මධ්‍යම පළාතේ ඩෙංගු මර්දනයට පියවර

Next Post

Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන පරිශ්‍රයේ දී අදින් ඇරඹේ

editor

editor

Next Post

Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන පරිශ්‍රයේ දී අදින් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved