• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදියම් රැයේ මහා පාවාදීම හෙවත් කෙරවලපිටිය විකිණීම වහා හකුලා ගනු!  – විපක්ෂනායක

23 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා, zoom තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමන් පවසා සිටියේ බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී, දේශහිතෛෂී, ජනතාවාදී සියලුම පොරොන්දු සහ ප්‍රතිපත්ති අලුයම ලූ කෙළ පිඩක් සේ කුණු කූඩයට විසි කොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහමුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරගෙන යමින් සිටින බවයි.

විපක්ෂනායකවරයා කල සම්පුර්ණ ප්‍රකාශය පහත පරිදි වේ “බිහිවූ දා සිටම මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කොට ඇති අතර, රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදි පවා කුණු කොල්ලයට විකුණමින්, බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටී.

පසුගියදා, zoom තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබේ.

යුගදනවි යනු ඉදිරි දශකය තුළ මෙරට පිහිටි විශාලතම බලාගාරය වන අතර විදුලිබල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වනවිට රාජ්‍ය සමගාම්වලට අයිතිව තිබෙන සියලු කොටස් එනම් යුගදනවි බලාගාරය පූර්ණ වශයෙන්ම විදුලිබල මණ්ඩලයට හිමිවන්නට නියමිතය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එතරම් විශාල බලාගාරයක් විදේශීය සමාගමකට පත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබීමය.

ඒ අනුව යුගදනවි බලාගාරයේ වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම තහවුරු කොට තිබේ.

එපමණක් නොව, කෙරවලපිටිය ඉදිකිරීම් ලබාදෙන අදාල සමාගමටම ගෑස් සැපයීමේ ව්‍යාපෘතිය ද ලබාදී තිබේ. මාසිකව හෝ වාර්ෂිකව අදාළ ගෑස් ටෙන්ඩර් මගින් ලබාගැනීමට හැකියාව තිබියදී එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05කට එම සමාගම වෙතට ම ලබා දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. ඒ අනුව, ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම ද, නළ පද්ධතිය ඉදිකිරීම ද එම සමාගමට ම පවරා තිබේ. ඒ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් පැවරීමේ ගිවිසුම ද සමගය.

ඉංජිනේරු සංගමය ඇතුලු සබුද්ධික පිරිස්වල අදහස් අනුව මෙහි 40% අයිතිය ලබා දීමටත් වඩා වැඩි බලපෑමක් එල්ලවන්නේ LNG සැපයුම ඔවුන් අත‌ට පත්වීම හරහා ය. රටේ මර්මස්ථානයක පාලනය විදෙස් සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට ලක්වෙන අතර අනාගතයේ එම LNG සැපයුම අඩාල කිරීම තුළ රටේ බලශක්ති නිපදවීමට බලපෑම් කිරීමට මේ හරහා විදේශීය සමාගමකට හැකිවීම විශාල අවධානම් සහගත තත්ත්වය කි.

 ලොව කිසිම රටක්, ස්වාභාවික වායු සැපයීමේ ටෙන්ඩර සහ එයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩර ඒකාබද්ධව සිදු නොකරන අතර, එවැන්නක් සිදුවුවහොත් රටේ ජාතික ආරක්ෂාව බලශක්ති ආරක්ෂාව තහවුරු නොවන බව එම රටවල් දනී.

මේ අවදානම නොතකා හැර මෙරට ආණ්ඩුව ගත් මෙම අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මෙරට බලශක්ති ආරක්ෂාව පමණක් නොව මුළු රටම සිය ග්‍රහණයට නතුකර ගැනීමේ හැකියාව ද ඔවුන්ට හිමි වනු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව මේ බරපතල අනතුරද නොතකා හැර, මෙරට බලශක්ති ප්‍රතිපත්තියටද අනනුකූල ලෙස මෙම ගිවිසුම් අත්සන් කොට තිබේ.

 අනෙක් අතට, අදාළ යෝජනාව ප්‍රකාරව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය විදේශිය පුද්ගලික සමාගමකට ලැබේ. මීට පෙර ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර මෙම සමාගමට දීමට හේතු මොනවාද යන්නත් මීට පෙර ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේද විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ද මතුවුවහොත් ඇතිවන තත්ත්වය පිලිබදවත් අපි ආණ්ඩුවෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමු.

හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් මෙම ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට කිසිසේත්ම සිදුකළ නොහැකිය .

මෙවන් බරපතල ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරත්දීත් කැබිනට් මණ්ඩලය හුදෙක් සිග්නල් කනු බවට පත්ව සිටින අතර කිසිවෙක් මීට එරෙහිව වගකීම් සහගත මැදිහත්වීමක් නොකිරීම තුලින් ගම්‍ය වන්නේ ඔවුන් පත්ව සිටින තත්වය යි. එහෙත් ඒ කිසිවෙකුට මේ බරපතල පාවාදීමෙහි කොටස්කරුවන් වීමෙහි වරදෙන් මිදිය නොහැකිය.

භූමියෙන් කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා පිටස්තර කවරෙකුට වුව රටේ පාලනය හැසිරවීමට බලයක් ලැබෙන බව වටහා ගැනීමට තරම්වත් ප්‍රබුද්ධ සිහියක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුවට නොතේරෙන නමුත්, සමගි ජන බලවේගය ඇතුළු මෙරට සමස්ත ජනතාව ආණ්ඩුවේ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව කඳවුරු බඳින බව අවධාරණය කළ යුතුය.

 

 

Post Views: 3
Previous Post

ජයසුමනට දත්ත මැකුන එක ගැන වගක් නෑ – රවි කුමුදේශ්

Next Post

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට

editor

editor

Next Post

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved