27 April 2024
#දේශීය

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට

ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ කලාපයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ආරම්භ කරන ලද වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිමක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ අද ( 23) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟ පැවති සාකච්ඡාවේදීය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ප්‍රධානී ඇලන් කෝල් මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.

මෑතකදී සිදුකල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සඳහන් කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නව ප්‍රධානියෙකු යටතේ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා පැහැදිලි කළ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ප්‍රමාදයකින් තොරව පුනරුත්ථාපනය සඳහා හඳුන්වා දුන් ක්‍රියාවලිය පිළිබඳව ද සඳහන් කළේය.

රටේ පවතින වසංගත තත්වය තුළ රජය විසින් සිදුකරනු ලබන කාර්යභාරය එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සිංගර් මහත්මිය මෙහිදී අගය කරන ලදී.

ශ්‍රී ලංකාවේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් පුනරුත්ථාපන කටයුතු ඉදිරියට ගෙනයාම පිළිබඳව ද ඇය අගය කරන ලදී.

කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *