27 April 2024
#සංවර්ධන

නීති විරෝධී ධීවර කටයුතු මැඬලීමට නව යාන්ත්‍රණයක් සකසන බව ඇමැති ඩග්ලස් කියයි

මුලතිව් මුහුදේ සිදුවන ලයිට් කෝස් පන්න ක්‍රමය නතර කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර සංගම් කිහිපයක නියෝජිතයන් අමාත්‍යවරයා හමුවී තම ප්‍රදේශයේ ධීවර සම්පත් නෙළා ගැනීමට ලංකාවේ දකුණු ප්‍රදේශයේ ධීවරයන් පැමිණ ලයිට් කෝස් ක්‍රමයට මසුන් ඇල්ලීම නිසා තම ධිවරයන්ට කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවට අමාත්‍යවරයාට පැහැදිලි කිරීමෙන් අනතුරුවයි.

දිගින් දිගටම සිදුවන මෙම නීති විරෝධී පන්න ක්‍රමය නතර කිරීමට නාවික හමුදාව හා ධීවර පරීක්ෂකවරුන් එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කරන අතර ජාති ආගම් භේද නොතකා නීති විරෝධි පන්න ක්‍රම වල යෙදෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට නැගෙනහිර නාවික ආඥාපති වයිස් අද්මිරාල් වයි.එම්.ජයරත්න,ධීවර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කැලිස්ටන්, මුලතිව් දිස්ත්‍රික් ධීවර සමුපකාර සංගමයේ සභාපති, මුලතිව් ග්‍රාමීය ධීවර සම්මේලනයේ සභාපති තීක්ෂණ මහතා යන අයගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *