27 April 2024
#දේශීය

පාස්කු ඉරු දින සිදු වු ප්‍රහාරයට වසර දෙකයි

2019 වසරේ අප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි හා ප්‍රධාන පෙළේ හෝටල ඉලක්කර ගනිමින් එල්ල වූ පාස්කු ප්‍රහාරයට අද වන විට වසර දෙකක් ගතව ඇත.

එම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සැමරීම වෙනුවෙන් අද දිනයේදී කතෝලික පල්ලි මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් නිර්මාණය කර තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සැමරීම වෙනුවෙන් අද පෙරවරු 8.45ට විනාඩි දෙකක නිහඩතාවක් පැවැත්විණි.

කෙසේ වෙතත් අද දින දිවයින පුරා ආවරණය වන පරිදි පල්ලි සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිසිය පවසයි.

 

මිගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය, මඩකළපුව සියොන් දේවස්ථානය එදින එල්ල වූ අන්තවාදී ඉස්ලාමිය කණ්ඩායමක මරාගෙන

මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඉලක්කයන් බවට පත්විය. එයින් පුද්ගලයින් 250 ආසන්න පිරිසක් මිය ගියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *