• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස් මගී ප්‍රවාහන සේවාවේ දියුණුවට පියවර රැසක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් කියයි

6 August 2021
in සංවර්ධන

කොවිඩ් වසංගත සමයේ පෞද්ගලික බස්රථ හිමියන්ගේ ආදායම පහළ බැසීම නිසාවෙන් ප්‍රවාහන අධිකාරිය සහ ගමනාගමන කොමිසමෙහි දැනට ලියාපදිංචි වී ඇති සමස්ථ බස්රථ 18,000 සඳහා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බස්රථ රියැදුරන් සහ රියැදුරු සහායකයින් ඇතුළු බස්රථ සේවකයින් කොවිඩ් තර්ජිත කණ්ඩායමක් බවත් ඔවුන්ගෙන් 80% ක් ආවරණය වන පරිදි පළමු එන්නත දී ඇති අතර දෙවන එන්නත 50%කට පමණ ලබාදී ඇති බවයි. එසේම ඉතිරි සියලු සේවකයින්හට කඩිනමින් කොවිඩ් එන්නත දෙන බව හෙතෙම පැවසිය.

ගම්සැරිය වැඩසටහන මගින් ගමේ සිට ප්‍රධාන නගර වෙත ජනතාව ගෙනයන බස් සේවාව, නගර බස් සේවාව (City Bus Service) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා දැනටමත් බස්රථ 600ක් ඇනවුම් කරඇති බවත්, සතොස සමග එකතු වී ඉන්ධන පිරවුම්හල් 107ක් ඉදිකොට ඒවා සියළුම බස්රථවලට සහ ජනතාවටද විවෘතව තබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්රථ ධාවනයට සුදුසු තත්ත්වයක පවතීද යන්න සොයා බැලීමට යෝග්‍යතා පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් සලසන බවත් සතොස සමග එකතු වී රටපුරා අමතර කොටස් අළෙවි සැල් (outlets) විවෘත කිරීමට ක්‍රියා කරන බවත් අමුණුගම මහතා පැවසීය. ඒ සඳහා දැනටමත් යන්ත්‍රසූත්‍ර ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් අතර බස්රථවල ගමන් ගන්නා මගීන්ට ගිමන් නිවන ස්ථාන හඳුන්වාදෙමින් ආහාර අළෙවි සැල් ජාලයක් ලංගම මගින් සිදුකිරීමට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති බවත් එය ලබන වසර මුල ආරම්භ කරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමාගේ කාලයේ අපේ රටේ බස්රථ සහ ඒවාට අවශ්‍ය ටයර්, බැටරි, එන්ජින් ආදිය නිපදවන කර්මාන්තශාලා තිබුණු බැවින් නැවතත් එම කර්මාන්තශාලා ගොඩනැගීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් අමුණුගම මහතා කීය.

1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් පාසල්වලට ගෙනයාමට සහ නැවත නිවසට ගෙන ඒමට පෙර ගෙවුම් ක්‍රමයට වෙනම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, ඒවායේ සේවය සඳහා පාලක පාලිකාවන් බඳවා ගනු ලබන්නේ පෙරපාසල් පිළිබඳ පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

Post Views: 12
Previous Post

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය ගංගාරාමය විහාරස්ථානයෙන් ඇරඹේ

Next Post

දෛනික කොරෝනා ආසාදිතයි ඉහලට .. මරණ සංඛ්‍යාවද ඉහළට..

editor

editor

Next Post

දෛනික කොරෝනා ආසාදිතයි ඉහලට .. මරණ සංඛ්‍යාවද ඉහළට..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved