27 April 2024
#දේශීය

දෛනික කොරෝනා ආසාදිතයි ඉහලට .. මරණ සංඛ්‍යාවද ඉහළට..

දෛනික කොවිඩ් රෝගීන් ගණන අඛණ්ඩව ඉහළ ගිය හොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසා සිටිනේ මේ වන විට රටේ පවතින තත්ත්වය දරුණු බවයි. බෝ නොවන රෝග ඇති පිරිස් ඉතා ප්‍රවේශමෙන් සිටිය යුතු බවත් කොරෝනා වෛසරයෙන් මේ වන විට අවධානම අඩුවිමටනම් එන්නත්කරණයට වහාම යොමුවීම වැදගත් බව සෞඛ්‍ය අංශය පවසයි.

කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව දෛනික වශයෙන් වැඩිවිමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයින්ගේ නොසැලකිලිමත් බව සෞඛ්‍ය අංශ කියා සිටියේය. කෙසේ වෙතත් මේ වන විට රෝග ලක්ෂණ නොමැති පිරිස් නිවස් තුල නිරෝධානය සඳහා යොමු වීම් සිදු කර තිබේ.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාම වේගයවත් වී ඇති බව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන ‍ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *