• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්ත්‍රී අමරකීර්තිගේ ඝාතනය පිළිබඳව ඇමති ප්‍රසන්න පොළොන්නරු ජනතාවගෙන් සමාව අයදියි

30 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඊනියා අරගලකරුවන් විසින් ගම්පහ නිට්ටඹුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පුරවැසියකු ලෙස තමන් පොළොන්නරුව ජනතාවගෙන් සමාව අයදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පොළොන්නරුව, හිගුරක්ගොඩ තාරුකා මණ්ඩප ශ්‍රවණාගාරයේ පැවති සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (29) දින සහභාගි වෙමිනි.

මෙහිදී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතිලාභීන් 197 කට ඉඩම් බලපත්‍ර සහ ප්‍රතිලාභීන් 43 කට ඉඩම් දීමනා පත්‍ර පිරිනැමිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පොළොන්නරුව සි.අයි.සි. නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 86 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු සහ ප්‍රතිලාභීන් 12 දෙනෙකුට “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියන 2.3 ක් වටිනා නිවාස ආධාරද පිරිනැමිණි.

දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර ලබාදීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. පොළොන්නරුවේදී සිදුකෙරුනේ එහි පළමු වැන්නයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට වතු නිවාස, ග්‍රාමීය හා නාගරික අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් විවිධ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන සහ “මිහිදු නිවහන” නිවාස වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වේ.

එමෙන්ම පසුගිය වසර සහ මේ වසරේ ගතවු කාලය තුළ පමණක් දිවයින පුරා නිවාසලාභීන් 1,890 දෙනෙකු සදහා සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු කර ඇත.

ඊනියා අරගලකරුවන්ට අවශ්‍ය වූයේ මිනී මරා ගෙවල් ගිනි තබා බලය අල්ලා ගැනීම බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අරගලයේ නාමයෙන් මිනිමැරූ, දේපල ගිනි තැබීම් සහ පහර දීම් වැනි සිද්ධීන් වලට සම්බන්ධ වූ සහ ඒ සඳහා අනුබල දුන් සියළු දෙනාට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඇමතිවරයා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, “ ඕනෑම පුරවැසියකුගේ හීනයක් තමයි තමන්ටම කියලා නිවසක් හිමිකර ගන්න එක. තමන්ටම කියලා ඉඩමක් හිමිකර ගන්න එක. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විවිද කාලයන් වලදී මේ සඳහා විවිද වැඩසටහන් හදුන්වා දුන්නා. එක එක ඇමතිවරු එනකොට එක එක සංකල්ප හදුන්වා දුන්නා. විවිද නම් වලින් ඒවා ක්‍රියාත්මක වුණා. මේ හැම එකකින්ම වුණේ. රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් සහය දීමයි. විෂය ඇමතිවරුන් අතර මාරු වෙනකොට කලින් ඇමති කරපු ව්‍යාපෘතිය නතර කරලා අලුතින් ආපු ඇමතිතුමා වෙන නමකින් ඒ වැඩේම ක්‍රියාත්මක කරගෙන ගියා. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා අපිට පසුගිය කාලේ නිවාස ආධාර, නිවාස ණය වැඩසටහන්, වගේ දේවල් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. තාවකාලික පසු බෑමකට ලක්වුණා. නමුත් දැන් රට සාමන්‍ය කරනයට ලක්වෙමින් තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලැබු ව්‍යාපෘති යළි ආරම්භ කරන්න. ඒ අනුවයි අද මේ සින්නක්කර ඔප්පු ප්‍රදානය නිවාස ණය වාරික යළි ලබා දීම සිදු වන්නේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රටපුරාම විවිද නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒවායේ ඉඩම් ඔප්පු සින්නක්කරවම ලබා දීමේ ප්‍රමාදයක් තිබුණා. මම විෂයභාර ඇමතිවරයා විදියට ඒ සඳහා තිබූ ගැටළු හදුනාගෙන ඒවා විසදන්න කටයුතු කළා. ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර හදුනාගත් සින්නක්කර ඔප්පු 2000 පමණ ලබා දීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ දැනට ලබා දීමට නොහැකි වී ඇති හිමිකම් ඔප්පු ලබා දීම අවසන් කරනවා. මෙම අධිකාරිය ක්‍රියාත්මක කළ නිවාස ණය සහ ආධාර ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් සඳහා ඔවුන්ගේ ඊළඟ වාරික ගෙවීම දැන් දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙනවා. අපේ බලාපොරොත්තුව වෙන්නේ දැනට ක්‍රියාත්මක නිවාස ණය සහ ආධාර ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරිමයි. අමරකීර්ති මන්ත්‍රීතුමා දේශපාලනයට පාර්ලිමේන්තු ආවේ මේ පාරේ. එතුමා තරම් අහිංසක මනුස්සයෙක් නෑ මේ පාර්ලිමේන්තුවේ. එතුමාව ඝාතනය කළේ මගේ දිස්ත්‍රික්කයේදියි. ඒ වෙනුවෙන් මම අදටත් කණගාටු වෙනවා. පසුගිය අරගරයේදී තිරසන්නු, හිවල්ලු එළියට ආපු කාලයක්. එතුමාව ඝාතනය කරන්න එතුමා කරපු වැරැද්ද මොකක්ද? සිරිපාල ගම්ලත් ඇමතිතුමාගේ ගේ ගිනි තිබ්බේ ඇයි? ගමේ වැඩක් කරන්නේ නැතිව විවේචනය කරනවා නම්, තියෙන මිනිහෙකුට ඊර්ෂියා කරනවා නම්, ඒ වෙන කවුරුත් නෙමෙයි ජෙවිපී කාරයෙක්. අමරකීර්ති අතුකෝරල මහත්තයා වෙනුවෙන් මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. සමාජ වෛරක්කාරයන් පිරිසක් තමයි ඒ දේ සිදු කළේ. අපිට පක්ෂය දෙක අපිට ප්‍රථමයෙන් වටින්නේ මේ රටයි. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරන්න ගත්තේ මේ රට ගැන හිතලයි. එතුමා කරගෙන ආ කොටස ඉදිරියටත් කරගෙන යන්න අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. සමහරුන්ට ඕනි වෙලා තියෙන්නේ පොහොට්ටුව නැවත දේශපාලනයට එන එක වලක්වන්න. ඒ නිසයි පසුගිය කාලයේ අපේ පක්ෂය පිළිබඳව විවිද බොරු මත වැපුරුවේ. මේ පක්ෂය ජනතාවගේ පක්ෂයක්. තීන්දු තීරණ ගන්න ඕනි වෙලාවට අපි මේ රටේ අනාගතය ගැන හිතලා තීන්දු ගන්නවා. ගමේ පොහොට්ටුවට තියෙන බලය තවමත් එහෙමමයි. ඒකට තමයි ඇතැම් දේශපාලන පක්ෂ බයවෙලා මේ කුමන්ත්‍රණ කරන්නේ.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, එහි උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, පොලොන්නරුව අතිරේක දිසාපති ආර්.එම්.කේ.ආර්.බී. රත්නායක, හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු චමින්ද තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 3
Previous Post

2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

Next Post

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

editor

editor

Next Post

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved