27 April 2024
#දේශීය

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය – 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම ඊයේ (29) සහ අද (30) දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙම උත්සවය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා සහභාගී විය.

‘From value chain to value network: the role of integrated logistics’ යන්න මෙවර සැපයුම් සම්මන්ත්‍රණයෙහි තේමාව වූ අතර, මෙවර සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කල කාලෝචිත පර්යේෂණ නිබන්ධන හයකින් (06) යුත් සැසි තුනකින් සමන්විත විය.

ඒ අනුව, පළමු සැසිය “Integrated Logistics as a means to overcome contemporary challenges” යන තේමාව යටතේත්, දෙවන සැසිය “The evolution of value creation in Logistics on sustainable supply network” යන තේමාව යටතේ සහ තෙවන සැසිය “Achieving supply chain visibility through digitalization & integrated logistics” යටතේත් පැවැත්විණි.

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම යටතේ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් විද්‍යාපීඨ කාර්ය මණ්ඩලයේ සහයෝගය ද ඇතිව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් චන්දන රත්නායක ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානය සහ එක් එක් නාවික විධාන නියෝජනය කරමින් නාවික හමුදා සැපයුම් අංශයේ ප්‍රධානීන්, යුද, ගුවන් සහ පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්, බංගලාදේශ නාවික හමුදාවේ කොමදෝරු S.M. Zamil Hossain, මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *