• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ජනාධිපතිවරයාට මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසකගේ සහය ඇති බව ඇමැති ප්‍රසන්න කියයි

25 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙනයෑම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය22 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන නියෝජිත සමුළුව අමතමිනි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම ශක්තිමත් පක්ෂයක් . අපි මේ පක්ෂය ආරම්භ කරන කොට නොයෙකුත් තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්න වුණා. එවකට අපේම පක්ෂයේ හිටපු ලේකම්වරයා අපේ පක්ෂය හයිජැක් කළා. මහින්ද රාජපක්ෂ මහතා 2015 දි පැරදුණාම අපි නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කළා. ශ්‍රී ලාංකා පොදුජන පෙරමුණ පිහිටුවන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මැදිහත් වුණා. ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සම්බන්ධ කරගන්න බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළා. එක ග්‍රාම සේවා වසමකින් 10 දෙනෙක් සම්බන්ධ කරගනිමින් මේ පක්ෂය හැදුවා. එදා සමහර දේශපාලන නායකයන් කිව්වේ අලුත් පක්ෂයක් හැදුවොත් අපිව පාරක් පාරක් ගානෙ ඇවිද්දවනව කියලයි. අපි පාරක් පාරක් ගානෙ ඇවිදලයි මේ පක්ෂය හැදුවෙ. ඒ නිසා මේ පක්ෂය දියකරන්න හිතන තරම් ලේසි නැහැ. අවුරුදු තිහක යුද්ධය නවත්තල රටේ මිනිස්සුන්ට සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් හදපු නායකයා මහින්ද රාජපක්ෂයි.රටේම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ නායකයා ඔහුයි.ගමට කොන්ක්‍රිට් පාරවල් හදල ගමේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න මූලික වුනේ එතුමයි. ඒ නිසා එතුමා වෙනුවෙන් අපිට කඩේ යන්න බැරිකමක් නෑ. ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණ කවදාවත් මංකොල්ල කාල නෑ.මිනී මරල නෑ.අපේ පක්ෂයේ නායකයො රටට වැඩ කළා මිසක රටට වැරදි වැඩ කරල නෑ. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. අපි මේ පක්ෂය හදල මුලින්ම මුහුණ දුන්නේ පළාත් පාලන මැතිවරණයටයි. එදා අපිව ජයග්‍රහණය කරවන්න ගම් මට්ටමේ ජනතාව විශාල සහයක් දුන්නා. රටේම පළාත් පාලන ආයතනවලින් සියයට 80ක ජයක් අපි ලැබුවා. මහින්ද අගමැති කරමු, පොහොට්ටුවට ඡන්දය දෙන්න කියල ඉස්සෙල්ලාම පෝස්ටරේ ගැහුවේ මමයි. පළාත් පාලන ඡන්දය දින්න කියල මම අගමැති වෙන්නෙ නෑ නේද කියල එක දවසක් මහින්ද මහත්තය මගෙන් ඇහුව්වා. පළාත් පාලන ඡන්දය දින්නොත් අපිට ඊළඟට එන ඕනෑම ඡන්දයක් දිනන්න පුළුවන් කියල මම එදා එතුමාට කිව්වා.ඊළඟට ජනාධිපතිවරණයට මහින්ද මහත්තයට ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිසා ගම්වල මිනිස්සු කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඉදිරිපත් කරන්න කියලයි. නමුත් මම හිටියේ ඊට වඩා වෙනස් මතයක. මම හිටියේ ජනාධිපති අපේක්ෂකයා විදියට බැසිල් රාජපක්ෂ මහත්තය ඉදිරිපත් කරන්න ඕන කියලයි.මොකද එතුමාට සංවිධාන ශක්තියක් තියෙනවා. පක්ෂයේ නිර්මාතෘ ඔහුයි. ඔහුට වැඩක් කරන්න පුළුවන්. ඒ වෙලාවෙදි ගෝඨාභය රාජපක්ෂ මහත්තය මට කිව්වා ප්‍රසන්න මම නිළධාරියෙක් මිස දේශපාලනඥයෙක් නෙමෙයි. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්තයට ඉල්ලන කියන්න කියල. මම ඒක බැසිල් රාජපක්ෂ මහත්තයට කිව්වා. ඔහු කිව්වේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ තමන්ට විරැද්ධව යුධ අපරාධ චෝදනාවක් තියෙන නිසා ද්විත්ව පුරවැසි බව අයින් කරගන්න බෑ කියලයි. ඒ නිසා ගෝඨා අයියට ඉල්ලන්න කියන්න කියල මට කිව්වා. එල්.ටී.ටී ත්‍රස්තවාදී යුද්ධය නිමා කරල අපිට නිදහස ලබාදීපු නිසා අද මහින්ද රාජපක්ෂ මහත්තයට සමහර රටවලට යන්න බැහැ. බැසිල් රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ටත් එහෙමයි. ජනාධිපතිවරණයෙන් මම ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ තුනහමාරකින් දිනුවා. ගම්පහ තමයි වැඩිම ඡන්ද ප්‍රමාණයකින් දිනුව දිස්ත්‍රික්කය. මැතිවරණයකදි ගම්පහ ප්‍රතිඵලය කොළඹට බලපානවා. කොළඹ ප්‍රථිඵලය ගම්පහට බලපානවා.මහා මැතිවරණයත් විශිෂ්ඨ ලෙස ජයගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්තය රටට යම් වැඩ පිළිවෙලක් කරන්න හැදුවා. ඔහු එදා ආරක්ෂක ලේකම් ලෙස යුද්ධය නිමා කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයට විශාල ශක්තියක් ලබාදුන්නා. කොවිඩි වසංගතය වෙලාවෙදි ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න ඔහු ගත් පියවර මුළු ලෝකයේම පැසසුමට ලක් වුණා.අවස්ථා දෙකතුනකදි මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත නායකයෝ මේ පක්ෂයේ ඉන්නෙ. මෙවැනි පක්ෂයක සාමාජිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම මම එදා වගේම අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කඩේ යනවා. එතුමා කරපු සේවය අපිට අමතක කරන්න බැහැ. කොවිඩි වසංගතය එක්ක ආර්ථිකය කඩා වැටුණා. රට අරින්න හදන කොට වගේම රට වහන්න හදන කොටත් දේශපාලන න්‍යාය පත්‍ර අනුව වැඩකළ ඇතැම් නිළධාරින් විරුද්ධ වුණා. මිනිස්සු සාමකාමී අරගලය ආරම්භ කළේ තමන්ගේ පීඩනය පිට කරන්නයි. එතන ආණ්ඩු පෙරලීමේ අරමුණක් තිබුණෙ නැහැ. ආණ්ඩු වෙනස් කරන්න මිනිස්සුන්ට අයිතිය තියෙනව හැබැයි රාජ්‍ය පෙරළන්න කාටවත් අයිතියක් නැහැ. ඒ වගේ වෙලාවක රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න ඕන. සාමකාමී අරගලය අවසානයේදී කුඩු කාරයෝ හයිජැක් කළා.සමහරු අරගලයට සම්බන්ධ වුණේ මිනිස්සුන්ගෙන් පලි ගන්නයි. අද අරගලයට සම්බන්ධ වුණ මිනිස්සු වසබීල මැරෙනවා. අරගලයෙන් වෙන කණ්ඩායමක් හම්බ කරගත්තා. හිටපු ජනාධිපතිතුමත්,අගමැතිතුමත් තනතුරුවලින් ඉවත් වුණා. ඒ වෙලාවෙ අපේම අය ගිහිල්ලා ස.ජ.බ එක්ක ඩීල් දාල ජනාධිපතිකම්,අගමැතිකම් බෙදාගන්න කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙන්න. අපි එදා ඒ ජනාධිපතිවරණ සටන මෙහෙයවූවා.ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාද ඇතුව දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිකමට පත්කළා. ජනාධිපතිතුමා වසරක් ඇතුළත අභියෝග ජයගත්තා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ මේ ආණ්ඩුව ගෙනියන්න අපි රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා. අපිට ජනාධිපතිවරණයෙදි, මහමැතිවරණයේදී ඡන්දය දීපු මිනිස්සුන්ගෙ බළාපොරොත්තු ඉටුකරන්න ඕන. මේ ශක්තිය බිඳින්න සමහරු උත්සහ ගන්නවා. මහින්ද මහත්තය අගමැති කරන්න හදනව කියල පහුගිය කාලෙ කතාවක් ගියා. මම මේ ගැන එතුමාගෙන් ඇහුව්වා. දිනේෂ් අගමැතිකමට පත්කලේ අපි. ඉතිං මොකටද අපි දිනේෂ් වෙනස් කරන්නේ කියල මහින්ද මහත්තය මට කිව්වා. දැන් අලුත්ම කතාව සජිත් ප්‍රේමදාස අගමැති වෙනව කියන එකයි.මේ හදන්නෙ අපිව බිඳවන්නයි. මේ ආණ්ඩුව අවසන් දිනය දක්වා ගෙනියන්න අපි උපරිම සහය දෙනවා. වියත්මග හදාගෙන පක්ෂයට ආපු අය අද එළියට ගිහිල්ලා අපිව විවේඡනය කරනවා. හැබැයි පක්ෂය හදන්න මුල්වුණ අය අදත් අපි එක්ක ඉන්නවා.අරගලයට නායකත්වය දුන්නේ ගම හදනවට අකමැති වුණ අයයි. 88/89 යුගයෙ මිනී මරපු තමන්ගේ පුතා මිහින්ලංකා එකට දාගන්න මහින්ද මහත්තය එක්ක ඩීල් දාපු ජේ.වී.පී නායක අනුර කුමාර දිසානායක අද මොනවද කියන්නෙ. අරගලයෙන් වැඩිම හානිවුනේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. ඒ මාව වට්ටන්නයි. මම කලබල නෑ. ඊළග ජනාධිපතිවරණයෙදි වගේම මහමැතිවරණයේදීත් ගම්පහින් පොහොට්ටුව දිනවන්න මම නායකත්වය ලබා දෙනවා. යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,මධුර විතානගේ,සංජීව එදිරිමාන්න මත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 2
Previous Post

විමල් වීරවංශ ලියූ “නවය; සැඟවුණු කතාව” කෘතිය අද එළිදක්වයි

Next Post

මැලේයාව තුරන් කල රටක්’ ලෙස ලබා ඇති සහතිකයත් නැතිවෙන ලකුණු – රවි කුමුදේශ්

editor

editor

Next Post

මැලේයාව තුරන් කල රටක්' ලෙස ලබා ඇති සහතිකයත් නැතිවෙන ලකුණු - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved