• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද කරන්න බැරි දෙයක් නෑ ඇමැති විමල් කියයි

14 February 2021
in සංවර්ධන

මහින්ද රාජපක්ෂයන් ‘කළ නොහැක්කක් නොමැත’ යන විශ්වාසය ජාතියේ රුධිරයට කාන්දු කළ දශකයක් නිර්මාණය කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) ‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනයට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා 2005 දී ජනාධිපති ධුරයට පත්වීමත් සමඟම ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන චින්තනයේ විශාල පෙරළියකට මුල පිරුවා. ‘කළ නොහැක්කක් නොමැත’ කියන ධෛර්ය සම්පන්න හැඟීම මුළුමහත් ජාතියටම එන්නත් කළා. ‘පරාජය කරන්න බැහැ කියූ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරලා පෙන්නුවා. ඒ වගේම දේශීයත්වයට මුල් තැන දෙමින් ‘අපේ රටේ ආර්ථිකය ජාතිකත්වය සමග මුසු කොට ගොඩනැගිය හැකියි’ යන විශ්වාසය 2005 සිට 2015 මුල දක්වා ඔබතුමා ගොඩනගලා පෙන්වූවා. හම්බන්තොට වරාය ජාතියට දායාද කළා. කොළඹ වරාය ආශ්‍රිත වරාය නගරය ගොඩනැගීම ආරම්භ කළා. එමගින් රටේ භූමියට මෙතෙක් නොතිබුණු භූමි ප්‍රමාණයක් එක් කළා. විදුලි බලාගාර අලුතෙන් නිර්මාණය කළා. එමගින් ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 90%කට වඩා සංතෘප්ත කළ හැකි තත්ත්වයක් ඇති කළා. ආර්ථිකය, වර්ධන වේගය අතින් 6% ඉක්මවන තත්වයකට අරගෙන යන්න පුළුවන්කම ඇති කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් ගෙවුණු ඒ දශකය, අවසානයේ මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන ඉතිහාස කතාවේ ඉතා මනරම් පරිච්ඡේදයක් ලෙස ලියවුණා.

ඒ පදනම නිසා තමයි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුක්ත අපේ වර්තමාන ආණ්ඩුව, දේශීයත්වය පිළිබඳ වැඩි විශ්වාසය තබමින් යන ගමන තුළ හිදිමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය’ බලගැන්වීමට අපට ආත්ම විශ්වාසය ලැබුණේ. ඒ ශක්තිමත් විශ්වාසනීය අත්තිවාරම නොතිබුණානම් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය අපට බලගැන්විය හැකියි’ යන ආත්ම විශ්වාසයක් බොහෝ දෙනෙක් තුළ නොතිබිය හැකිව තිබුණා. ‘කළ නොහැක්කක් නොමැත’ කියන විශ්වාසය ජාතියේ රුධිරයට කාන්දු කරපු දශකයක් ඔබතුමා නිර්මාණය කළ නිසා, ඒ මහා අත්තිවාරම මත ඉඳගෙන අපට අද හැකිවෙලා තිබෙනවා ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය’ බල ගන්වන්න, මේ රටේ නිෂ්පාදනය කළ දෙයක් මිලදී ගැනීම ආඩම්බරයට කාරණයක් බවට පත් කරන්න අද අපට හැකි වෙලා තිබෙනවා.

අග්‍රාමාත්‍යතුමනි, ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ නිෂ්පාදන සිදුකරන මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පමණක් නොවෙයි මහා පරිමාණ ව්‍යවසායකයන් ද සෘජුවම ගැනුම්කරුවන් සමග සම්බන්ධ කරන අන්තර්ජාල වෙබ් අඩවි වෙළඳ ද්වාරයක් අපි දැන් නිර්මාණය කරමින් සිටිනවා. එය තව මාස කිහිපයකින් අංග සම්පූර්ණයෙන් නිමා කිරීමට අපට හැකියාව තිබෙනවා. ඒ වගේම ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය බලගන්වමින් මෙවැනි වෙළඳ ප්‍රදර්ශන අග නගරයේ පමණක් නොවෙයි සෙසු නගර වෙත ද රැගෙන යාමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටිනවා. මෙතැනින් නොනැවතී විදේශ රටවල පවා ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත්ව සිටිනවා දේශීය නිෂ්පාදන පමණක් අලෙවි කරන ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත අලෙවිසැල් ආරම්භ කිරීමට. ශ්‍රී ලාංකික සහෘදයෙකු විසින් චීනයේ බීජිං නුවර දැනටමත් එවැනි අලෙවිසැලක් විවෘත කර තිබීම සතුටට කරුණක්. මෙම අවස්ථාවේ අපව දිරිගැන්වීමට ජපාන තානාපතිතුමන් මෙන්ම ප්‍රංශ තානාපතිතුමන් ද පැමිණ සිටිනවා. ජපානය අපේ දීර්ඝ කාලීන මිතුරෙක් වගේම බොහෝ සංස්කෘතිකමය සබඳතා තිබෙන රටක්. ජපානයේ ටෝකියෝ නුවර ද ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත අලෙවිසැලක් ආරම්භ කිරීම සඳහා ජපාන තානාපතිතුමා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිස් වෙත සහයෝගය ලබා දේවි, කියන විශ්වාසය අපට තිබෙනවා.

මේ විදිහට ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ලොව පුරා බලවත් කිරීම අපේ එකම අභිප්‍රායයි. මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ‘මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය’ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය දේශීයත්වය බලගැන්වීමට ප්‍රතිපත්තිමය වශයෙන් බැඳී සිටින නිසයි අපට මෙසේ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය බලගැන්වීමට හැකිව තිබෙන්නේ. එහෙම නැතිව විජාතිකත්වය බලගන්වන, දේශීයත්වය සුළු කොට තකන, පාගා දමන පාලනයක් තිබුණා නම් අපට කවර ලෙසකින්වත් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය බලගැන්වීමට හැකි වන්නේ නැහැ. අද දේශීයත්වය බලගන්වන ප්‍රතිපත්තිමය පදනමක ගොඩනැගුන පාලනයක පහස ලබන නිසා තමයි අපට මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය බලගන්වමින් ස්වදේශිකයන්ට උදාරතර නිෂ්පාදකයන් ලෙස ඉදිරියට යාමට මාර්ගය සකස් කිරීමට හැකිව තිබෙන්නේ. කොරෝනා වසංගතය හමුවේ නිර්මාණය වී ඇති නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙම ජයග්‍රහණ අපට ලැබී තිබීම ද සුවිශේෂී කරුණක්.

අවසන් වශයෙන් කාර්යබහුල තත්වයක් යටතේ වුව ද මෙම වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා සපැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිදුන්ට අපේ ප්‍රණාමය පුද කරන අතර මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට දායක වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට මෙන්ම ‘Good Market’ ආයතනයට ද අපේ ස්තූතිය පුද කර සිටිනවා.”

මෙම අවස්ථාවට ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama – Ambassador, Embassy of Japan in Sri Lanka ), ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලිවේරා (Eric Livera – Ambassador, Embassy of France in Sri Lanka) යන තානාපතිවරු ද එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

මහින්ද නැතිනම් පොහොට්ටුවක් නෑ – හිරුණිකා කියයි

Next Post

කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ බලාගාරය ලබන 17 අගමැති සුරතින් වීවෘත කිරීමට සැලසුම්

editor

editor

Next Post

කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ බලාගාරය ලබන 17 අගමැති සුරතින් වීවෘත කිරීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved