27 April 2024
#සංවර්ධන

කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ බලාගාරය ලබන 17 අගමැති සුරතින් වීවෘත කිරීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකරන ලද කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම කොළඹ මහනගර සභාව විසින් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ නගරයේ සමස්ත ඝන අපද්‍රව්‍ය ක්‍රියාවලිය තුල කසල කළමනාකරණය සඳහා අවසන් විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් දීර්ඝ කාලයක සිට අඛණ්ඩව සිදු කරනු ලැබූ විද්‍යාත්මක විශ්ලේෂණ වල ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් කොළඹ නගරයේ එක්රැස් කරනු ලබන කසළ සඳහා තිරසාර පරිසර හිතකාමී අවසන් විසඳුමක් ලබාගැනීමට කොළඹ මහනගර සභාවට හැකි වනු අතර එම කසල දහනය කිරීම තුළින් ජනනය කරනු ලබන මෙගාවොට් 10 විදුලියක් ජාතික විදුලි බල පද්ධතියට ලබා දීම තුලින් රටේ ආර්ථිකයට ශක්තියක් වීමට ද හැකි වනු ඇත.

කොළඹ නගරයේ දෛනිකව එක්රැස් කරනු ලබන නාගරික කසළ බැහැර කිරීම සඳහා ස්ථිර තිරසාර විද්‍යාත්මක විසදුමක් මේ වන විට ලැබී ඇති අතර මින් ඉදිරියට කොළඹ නගරයේ ජනතාවට කසළවලින් පීඩා විඳීමට සිදු නොවනු ඇත.

මෙම බලාගාරය මගින් නිපදවන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් එක් විදුලි ඒකකයක් රුපියල් 36.26 ක් මුදලකට මිලදී ගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන western power පුද්ගලික සමාගම විසින් සිදු කරනු ලැබීය.

නාගරික සංවර්ධන අධිකාරිය සතු ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය යෝජිත කසළ උද්යාන කලාපයේ පිහිටි අක්කර 10 ක භූමියක මේය පිහිටා ඇත.

ලබන 17 වන දින කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ මෙම බලාගාරය ශ්රී ලංකා ජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කිරීමට නියමිතව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *