• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට ඇමැති විමල්ගෙන් පිළියම්

26 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් දුෂ්කරතාවට පත්ව සිටින ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට සහන සැලසීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකට අනුමැතිය ලැබී ඇති බව කර්මාන්ත විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම එම යෝජනා ක්‍රියාත්මක තලයට පැමිණ ඇති බවත් ඒ අනුව මේ වන විට යම් සාධනීය නිෂ්පාදනයක් වෙළඳපොළට ගෙන යාමට හැකියාව ඇති එහෙත් ඊට අවශ්‍ය ප්‍රාග්ධනය නොමැතිව ලතවෙන නව නිපැයුම්කරුවන් වෙනුවෙන් ඇප අරමුදලක් පිහිටුවා ඇති බවත් එසේම දිවයින පුරා සිටින තම ව්‍යවසායන් හා කර්මාන්ත ඉදිරියට ගෙන යාමේ දුෂ්කරතාවයෙන් පෙළෙන පිරිසට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් නුදුරේදීම දියත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා වසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) Zoom තාක්ෂණය ඔස්සේ පැවැති ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම පිණිස දියත් කරනු ලබන ක්‍රියාන්විතය ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. “අපට පෙර ජීවත් වූ පරපුර සමග ගත්තත් අද අප ජීවත් වන්නේ ලෝක පරිමාණ බරපතලම වසංගත අභියෝගයක් පවතින වෙලාවකයි. මේ හේතුවෙන් ලොව පුරාම රටවල ආර්ථිකයන්හි පසුබැස්මක් ඇතිව තිබෙනවා. ජන ජීවිතයේ කඩාවැටීමක් සිදුව තිබෙනවා. මේ සියල්ල අපේ ජීවිතවලට සෘජුව හා වක්‍රව බලපාන බව පැහැදිලියි. ඒ නිසා අපට අද සිදුව තිබෙනවා, වසංගතයක් තිබෙන තත්ත්වයක් තුළ ජීවත් වෙන්න, ආර්ථික අභියෝග ජයගන්න, ඒ වගේම රටක් ලෙස අපේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා බලගන්වමින් ඉදිරියට යන්න. 2019 දී සිදු වූ ‘සහරාන්ලාගේ’ ත්‍රස්ත ප්‍රහාරයත් සමග අපේ රටේ සංචාරක කර්මාන්තය බිඳ වැටීමට පටන් ගත්තා. කොවිඩ් වසංගතයත් සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වාගෙන යාමේදී අභියෝග රැසකට එම කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදු වූවා. මේ නිසා කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස මම අමාත්‍ය මණ්ඩලයට ප්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එකක් තමයි, වෙළඳපොළ ජයගතහැකි නිෂ්පාදන බිහි කළ හැකි එහෙත් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නොමැතිව සිටින කර්මාන්තකරුවන් වෙනුවෙන් (ඔවුනට බැංකුවකින් ණයක් ගැනීමට තිබෙන බාධාව ඇපකරයක් නොමැතිවීම යි) ඇප අරමුදලක්(Guarantee Fund) ඇති කිරීමට යෝජනා කිරීම. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුවා. එවකට මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය අයවැය කතාවේදී එම ඇප අරමුදල පිහිටුවනු ලබන බව ප්‍රකාශ කළා. ඒ අනුව එම ඇප අරමුදල මුදල් අමාත්‍යාංශය යටතේ දැන් පිහිටුවා තිබෙනවා. යම් සාධනීය නිෂ්පාදනයක් වෙළඳපොළට ගෙනයාමට හැකියාව ඇති එහෙත් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමට නොහැකිව ලතවන, බැංකුවක් ඉල්ලන ඇපයක් ලබාදීමට නොහැකි දුෂ්කරතාවට පත්ව සිටින, අපේ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ ප්‍රාග්ධන ප්‍රශ්නය විසඳා ගැනීමට උදව් කිරීමට ඒ මගින් අපට පුළුවන් වී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා එවකට මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ මම අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා, ‘නව ව්‍යවසායකයන්ට ණය ලබාදීමට පමණක් නොවෙයි, මේ වන විට කර්මාන්තයන්හි නියැලී සිටින, වසංගත තත්වය නිසා අමාරුවේ වැටී සිටින පිරිසටත් සහන සැලසිය යුතුයි. ඔවුනට පොඩි සහයෝගයක් ලබාදුන්නත් නැගී සිටීමට පුළුවන්. ඔවුන් වෙනුවෙන් යම් මුදලක් යොදවන්න’ කියා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය අපට භාර කළා ඒ සඳහා වැඩපිළිවෙළක් යෝජනා කිරීමට. ඒ අනුව තමයි අපගේ දෙවන ප්‍රධාන යෝජනාව, ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මුහුණ පා ඇති දුෂ්කරතා’ යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ඉදිරිපත් කළේ. මීට සති දෙකකට පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අප ඉදිරිපත් කළ එම යෝජනාවලිය සුළු සංශෝධන සහිතව අනුමත කර තිබෙනවා. එහි අඩංගු සියලු කරුණු තව සතියක පමණ කාලයක් තුළ අපි ප්‍රසිද්ධියට පත් කිරීමට සූදානම්. එමගින් අපට පුළුවන්කම ලැබෙනවා ප්‍රාදේශීය මට්ටමින් සිටින වසංගත තත්වය හේතුවෙන් තම ව්‍යවසායයන්, කර්මාන්ත ඉදිරියට ගෙන යාමේ දුෂ්කරතාවයෙන් සිටින පිරිසට අවශ්‍ය සහන ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට.

මම හිතන්නේ ඔබ මෙම බලගැන්වීමේ වැඩසටහනින්(EMPOWER) සිදු කරන්නේ ඒ කිසිවකින් ආවරණය නොවන කලාපයක් ආවරණය කිරීම. වඩා වැදගත් වන්නේ ව්‍යවසායකයන්ගේ, කර්මාන්තකරුවන්ගේ මානසිකත්වය ගොඩනැගීම. මානසිකත්වය බිඳ වැටුණොත් කවර මූල්‍ය පරිසරයක් තිබුණත් ඔහුට අභියෝග ජය ගැනීමට හැකි වන්නේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේ සිදු කළෙත් යමකුගේ මනස යහපත් දෙසට පරිවර්තනය කිරීම, හැඩගැස්වීම. යමකුගේ මනස නිසි පැත්තට හැරවීමෙන් ඔහුට ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය ලෙස ඔබ සිදුකරන්නෙත් අපේ මේ බිඳ වැටුණු මානසිකත්වයෙන් යුත් ව්‍යවසායකයාට, කර්මාන්තකරුවාට ‘ඔබට යළි නැගිටින්න පුළුවන්’ කියන විශ්වාසය ඔවුන් තුළ තිබෙන දුර්වලතා පෙන්වා දෙමින් නැවත බලගැන්වීම. එය ඉතා වැදගත් කාර්යයක්. එම දිරිගැන්වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක්. මේ මොහොතේ මෙම ක්ෂේත්‍රයේ පැවැති ‘රික්තකයක්’ පිරවීම තමයි ඔබ මේ අවස්ථාවේ සිදු කරන්නේ.

කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සෑමවිටම ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ ඉල්ලීම්වලට ඇහුම් කන් දී තිබෙනවා. ඔවුන්ගේ ගැටළු විසඳාගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දී තිබෙනවා. ඉදිරියටත් ඒ සහසම්බන්ධය මැනවින් පැවතේවි. අවසන් වශයෙන් මෙවැනි දුෂ්කර වකවානුවක තමන්ට පැවරුණු භූමිකාව කුමක්දැයි නිවැරදිව වටහාගනිමින් සිදුකරන මෙම සමාජ සත්කාරයට මගේ සුබපැතුම් එක් කරන අතර මෙම ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන 100%ක්ම සාර්ථක වේවා’යි ප්‍රාර්ථනය කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි”

මෙම අවස්ථාවට Zoom තාක්ෂණය ඔස්සේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරුන් විශේෂ ආරාධිතයන් ලෙස එක්ව සිටි අතර සහභාගිවූවන් පිළිගැනීම ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති මහාචාර්ය රොහාන් ද සිල්වා මහතා සිදු කළේය.

 

Post Views: 5
Previous Post

මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්වා වූ මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන්

Next Post

දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුයි – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

editor

editor

Next Post

දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුයි - රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved