27 April 2024
#ක්‍රීඩා

මුදල් පාවිච්චිය නිසි ලෙස කළ යුතුයි – විගණන පනත අද විවාදයට

නිවැරැදි මුදල් කළමනාකරණයක් කරගනිමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (4) පාර්ලිමේන්තුවේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්, රේගු ආඥා පනත යටතේ යෝජනාවක්, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය විවාදයට ගත් අවස්ථාවේ දීය.

ජාතික විගණන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද (05) සිදුකිරීමට නියමිතව තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කලේ අද දිනය පුරා විගණන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය පැවැත්වෙන බවයි.

අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් අනතුරුව විගණන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කීරීමට නියමිත බව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *