• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව තවදුරටත් ජනතාවට බැට දෙනවා මන්ත්‍රී පාඨලි කියයි

13 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමූ ආණ්ඩුව ජනතාවට තවත් ‘බැට’ දීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා සිය නිල ෆේස් බුක් පිටුවට වීඩීයෝවක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනතාව පෙලන මේ සහගහන විදුලි බිල් සහ තෙල් බිල්වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නැගිටීමක් අවශ්‍ය බවයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය “ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා අති විශාල වැඩි කිරීමක් විදුලිබල ක්ෂේත්‍රයේ. අද විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75 ක් (මිලියන 7.5 ක්) පමණ විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්. කර්මාන්ත 72,831ක් පමණ. ප්‍රධාන මට්ටමේ හෝටල් 665 ක් තියෙනවා. රජයේ ආයතන 10,385ක් තියෙනවා. පන්සල් පල්ලි, කෝවිල් 46,375 ක්, කඩ සාප්පු සහ පොදු දේවල් 884,000 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම ලක්ෂ 75 ක් විදුලි පාරිභෝගිකයන් ඉන්නවා. ඉන් ලක්ෂ 65 කට ආසන්න ප්‍රමාණයක් ම ඉන්නේ එදිනෙදා දෛනික නිවාස වල අර්ධ නිවාස වල ඉන්න ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්. විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නාය කියන යෝජනාවෙන් යෝජනා කෙරෙන්නේ ඉතාම දුගී/ ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන ඒකක 0 සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන 13,89,000 කට ආසන්න පිරිසකගේ විදුලි බිල 499% ගුණයකින් – ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කරයි.

“ඒකක 31 – 60 දක්වා ආසන්නයෙන් 17,00,500 (දාහත් ලක්ෂ පන්සීයකට ආසන්න ප්‍රමාණයක්) විදුලි පාරිභෝගිකයන්ගෙ විදුලි බිල 350% කින් (තුනහමාර ගුණයකින්) වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 60-90 විදුලි පාරිභෝගිකයන් 16,93,000 (දාසය ලක්ෂ අනූ තුන්දාහක්) පමණ පිරිස සම්බන්ධයෙන් 166% කින් විදුලි බිල වැඩි යෝජනා කරලා තියෙනවා. ඒකක 90 ට වඩා අඩු කණ්ඩායමේ තමයි අති විශාල පිරිසක් ඉන්නේ, ආසන්නයෙන් 2/3 ක් විදුලි පරිභෝගිකයෝ ඉන්නේ මේ ඒකක 90 ට වඩා අඩු පිරිස ඇතුලේ. ගෘහස්ථ සාමාන්‍ය අගය ගත්තොත් 78% කින් වැඩි කරන්න යෝජනා කොට තිබෙනවා. ඒකක 180 ට වඩා විදුලිය පාවිච්චි කරන අයගෙන් අය කරන්න යෝජනා කරලා තියෙන්නේ 18% ක් පමණයි. ඒ කියන්නේ ඇති හැකි අයට ඉතා අඩුවෙනුත් නැති බැරි අයට 500%නුත් වැඩි කරන ප්‍රතිපත්තියක් තමයි දැනට බලශක්ති අමාත්‍යාංශයෙන් යෝජනා කරලා තියෙන්නේ. කඩසාප්පු හිමියන්ගෙන් ආසන්න වශයෙන් 28% ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කොට තිබෙන අතර, හෝටල් සඳහා යෝජනා වී ඇත්තේ 27% ක වැඩි කිරීමකි. කර්මාන්ත ක්ෂේත්‍රයේ 40% ක වැඩිකිරීමක් ද, සිදු කිරීම මගින් තම ආදායම 60% කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරගැනීම විදුලිබල මණ්ඩලයේ අපේක්ෂාව ය. විදුලි බිල වැඩිකිරීමක් සිදු කිරීමට යන්නේ නම් මහජන උපයෝගීතා කොමිසම මහජනයා සමග සංවාදයක් නිසැකවම ඇති කරගත යුතු බවයි.

“විදුලිබල මණ්ඩලයේ තියෙන අකාර්යක්ෂමතාවයන්, දූෂණයන් සහ අනෙකුත් සියලු කාරණා මේ සංවාදයට ඇතුළත් විය යුතුයි. විශේෂයෙන්ම විසිහතර පැයම, ගුණාත්මකව විදුලිය දෙන්න බැරි ආයතනයක් විදුලිබිල වැඩි කිරීමට ඉල්ලීම කොච්චර යුක්ති සහගතද කියන එකත් අපි සලකා බැලිය යුතුයි. ඒ වගේම සමාජ සාධාරණත්වයේ මූලධර්මය දුගියට 500% කින් වැඩි කරලා, ඇති හැකි අයට 18% කින් වැඩි කරන්න, යෝජනා කිරීමම මොන තරම් අයුක්තිසහගත දෙයක්ද කියන එක ඉතාම පැහැදිලියි.”

“ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පහුගිය අවුරුදු දෙකහමාරක කාලය තුළ වලට දැම්මා. වලට දාලා දැන් ඒකේ බර ජනතාවට ලංකා විදුලිබල මණ්ඩලය වලට දැම්මා. ඒ වලට දැමීමේ බර දැන් ජනතාව පිට පටවන්න හදනවා. ෂෙඩ්වල පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් නැතුව තෙල් මිල වැඩි කරන්න කතා කරන එක කොච්චර යුක්ති සහගතද? ස්විච් එක දැම්මාම විදුලිය නැතුව විදුලිය වැඩි කරන්න කතා කරන එක කොච්චර යුක්ති සහගතද? ඒකෙනුත් පීඩිතයට සාමාන්‍ය මිනිහට බලපාන ආකාරයට මේවා වැඩි කිරීම කොච්චර යුක්ති සහගතද?” යනුවෙන් පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කරයි. මහජනතාවට තවදුරටත් මේ තත්ත්වය දරාගත නොහැක. එබැවින් පැහැදිලි තීන්දුවක් ගත යුතු මොහොත එළඹ තිබේ. කළයුත්ත වන්නේ ආයතන කළ හැකි අය වෙත භාර දී වත්මන් පාලකයන් ගෙදර යෑමය. පාර්ලිමේන්තුවට මෙන්ම මහජනතාවට ද මෙහි වගකීමක් පවතී. දැන උගත්, අදාළ ආයතන කළ පුරුදු, පළපුරුදු වෘත්තීය මට්ටමේ පිරිසට වගකීමක් තිබේ. ඒ වගකීම් ඉටුකිරීම සඳහා ඉදිරියට එන ලෙස ද රණවක මහතා ආරාධනය කරයි. “මේ සහගහන විදුලි බිල්, තෙල් බිල්වලට විරුද්ධව නැගිටින්න. එක පවුලක් නඩත්තු කිරීම බඩගින්නේ ඉඳගෙන, අව්වේ වේලි වේලි පෝලිම් වල ඉඳගෙන, දුක් විඳගෙන, තමන්ගේ දරුවන්ට කිරිපිටි නැතුව, ඖෂධ නැතුව තවත් දුක් විඳින්න එපා. ඔබේ නැගිටීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කිරීම සඳහා අවශ්‍යම මොහොත රටට උදාවෙලා තියෙනවා.”යැයි මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

වික්‍රමාරච්චි ඔප්ටීෂන්ස් සහ හවුල්කරුවන් වෙතින් NVQ මට්ටමේ අක්ෂි පරීක්ෂක පාඨමාලා

Next Post

මාතලේ වි ටි නානායක්කාර උද්‍යානය නවිකරණය කර විවෘත කෙරේ

editor

editor

Next Post

මාතලේ වි ටි නානායක්කාර උද්‍යානය නවිකරණය කර විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

15 May 2025
මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක්  – බරපතළ අනතුරු 1,842ක්

මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක් – බරපතළ අනතුරු 1,842ක්

15 May 2025
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

15 May 2025
මෙක්සිකෝවේ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මරුට

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

15 May 2025
මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක්  – බරපතළ අනතුරු 1,842ක්

මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක් – බරපතළ අනතුරු 1,842ක්

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved