27 April 2024
#දේශීය

ජනපතිතුමනි මුලින්ම ඇමැතිවරුන්ගේ කටවල් වහන්න – අරුල් ජෙන්ද්‍රන් (විඩියෝ)

මේ රට ගොඩනැගිමට ජනපති ගෝඨාභය රාජපපක්ෂ මහතාට සෑබෑ වුවමනාවක් ඇති නම් ප්‍රථමයෙන්ම ඇමැතිවරුන් මාධ්‍ය ඉදිරියේ කියවන දේවල් නතර කල යුතු බව සමස්ත ලංකා මහජන නැගිටිමේ පක්ෂයෙ සභාපති අරුල් ජෙන්ද්‍රන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී ඔහු පවසා සිටියේ ජනපතිවරයා විසින් කල යුතු වන්නේ බලය සිටින විට හොඳ දේ කිරීමට බවත් සෑබෑවින්ම මිය යන විට අප කිසිවෙක් කිසිවක් රැගෙන යන්නේ නැති බවයි.

එසේම දෙවියන් විසින් යාපනය ජනතාවට ලබා දුන් යහපාලන ආණ්ඩුව තුළින් දෙමළ ජනතාව වෙනුවෙන් බොහෝ දේ ඉටු කිරීමට හැකියාව තිබු නමුත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් විසින් එය සිදු නොකල බව අරුන් මහතා විසින් චෝදනා එල්ල කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *