27 April 2024
#දේශීය

විමල්ට ස්තුති කරමින් අනුෂ්ක සභාපති පුටුව අතහරි

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් අද (28) දින තමා ඉල්ලා අස්වු බව අනුෂ්ක ගුණසිංහ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම තමාවෙත පැවරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ගෞරවනීය ස්තූතිය පුද කරන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *