එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති 108 වැනි සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේදී (All England Senior Badminton Championship) රන් සහ රිදී පදක්කම් දිනාගත් නදීශා ගයන්ති ක්‍රීඩිකාව අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය.
ලෝකයේ රටවල් 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 10 සිට 12 දක්වා පැවැති මෙම තරගාවලියේදී ඇය සුවිශේෂී දක්ෂතා දැක්වීය. එහිදී වයස අවුරුදු 40ට වැඩි කේවළ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූ අතර, මිශ්‍ර යුගළ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වූවාය. ඇයගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ විශාල ගෞරවයක් ගෙන දුන් අවස්ථාවකි.














