පයාගල, විහාරකන්ද ප්‍රදේශයේ පැවැති අලුත් අවුරුදු මත්පැන් සාදයක් අතරතුර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු පොලු පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (14) රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ පයාගල ප්‍රදේශයේම පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.
සාදය නිමවී විසිර යන අවස්ථාවේදී දකුණු පයාගල දුම්රිය ස්ථානය අසලදී සැකකරු විසින් එල්ල කළ පොලු පහරකින් හිසට බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පයාගල පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














