8 September 2024
#දේශීය #පුවත්

මැතිවරණ කල්දැමීම සුදුසු නැති බව නාමල් රාජපක්ෂ කියයි

මැතිවරණ කල්දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට කිසිසේතම සුදුසු නොමැති බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ මැතිවරණ කල් දැමීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බවයි.

එමෙන්ම 1ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *