• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

DFCC බැංකුව ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ කාන්තා දින සැමරුමට අත්වැලක් වෙයි

28 May 2024
in දේශීය, පුවත්, ව්‍යාපාර
DFCC බැංකුව ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ කාන්තා දින සැමරුමට අත්වැලක් වෙයි
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුවේ ප්‍රමුඛතම බැංකුකරණ අත්දැකීම වන ‘DFCC Pinnacle’ සහ කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති බැංකුකරණ විසඳුමක් වන ‘DFCC ආලෝකා’ එක් වී, ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට අනුග්‍රහය දැක්වීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම සැමරුම් උළෙලේදී කාන්තාවන් මෙතෙක් අත්කරගෙන ඇති ජයග්‍රහණ සමරන ලද අතර, සමාජය තුළ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව හා අන්තර්කරණය තහවුරු කිරීමේ වැදගත්කමද අවධාරණය කරන ලදි.

මේ සම්බන්ධයෙන් DFCC බැංකුවේ Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය “ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ කාන්තා දින සැමරුමට මෙන්ම මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමට ඔවුන් දරන උත්සාහයට අත්වැලක් වීමට හැකි වීම අපට මහත් සතුටක්.

කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ වැනි විසඳුම් හරහා රටේ කාන්තාවන් සවිබල ගැන්වීමට DFCC බැංකුවද කැප වී සිටිනවා. සෑම කාන්තාවකටම දියුණුව ළඟා කරගැනීමට උපකාරී වන මෙවැනි ප්‍රයත්නයන්ට දායක වීමට හැකි වීම අප සලකන්නේ ගෞරවයක් ලෙසයි.

ඉදිරියටත් මූල්‍ය අන්තර්කරණය ඔස්සේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අප බලාපොරොත්තු වනවා.” මෙසේ පවසන ලදි.

මෙම කාන්තා දින සැමරුම් වැඩසටහනට සංවාද, වැඩමුළු සහ දේශන රැසක් ඇතුළත් වූ අතර, විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ඊට දායක වූහ. උත්සවයේ ප්‍රධාන දේශකයන් විසින් විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීමේදී අධ්‍යාපනය, මූල්‍ය ස්වාධීනත්වය සහ සමාජයීය බාධාවන් බිඳදැමීමේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරන ලදි.

එමෙන්ම මෙම උත්සවය, කාන්තාවන්ට විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන පුද්ගලයන්, පුරෝගාමීන් සහ සමාන ඉලක්ක හා අරමුණු සහිත කාන්තාවන් සමග සම්බන්ධ වීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

මෙම උත්සවයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූයේ, DFCC බැංකුවේ #EmpowHer වැඩසටහන දියත් කිරීම ය. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇති අතර, මේ යටතේ ප්‍රධාන වශයෙන් ‘DFCC ආලෝකා’ විසඳුම හරහා කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර ගැනෙනු ඇත.

කාන්තාවන් අතර මූල්‍ය සාක්ෂරතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරවීම සඳහා ‘DFCC ආලෝකා’ සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. ජීවිතයේ විවිධ අවස්ථාවල පසුවන කාන්තාවන්ගේ අවශ්‍යතාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කර ඇති ‘DFCC ආලෝකා’, මූල්‍ය ස්වාධීනත්වය හා සෞභාග්‍යය කරා යන ගමනේදී කාන්තාවන්ට බෙහෙවින් වැදගත් වන විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ.

PR

Post Views: 12,909
Previous Post

මැතිවරණ කල්දැමීම සුදුසු නැති බව නාමල් රාජපක්ෂ කියයි

Next Post

ග්‍රාමීය මට්ටමෙන් කුකුළු ගොවිපොළ කර්මාන්තය ඉහල නැංවීමට පියවර

editor ttvnews

editor ttvnews

Next Post
ග්‍රාමීය මට්ටමෙන් කුකුළු ගොවිපොළ කර්මාන්තය ඉහල නැංවීමට පියවර

ග්‍රාමීය මට්ටමෙන් කුකුළු ගොවිපොළ කර්මාන්තය ඉහල නැංවීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved