27 July 2024
#දේශීය

අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක් – මැටි ඇමැතිගෙන් අලුත් වැඩක්

දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිලිබද කරුනු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් සිදු කළේය.

අමාත්‍යවරයා විසින් අදාළ නිෂ්පාදකවරයා සොයා බලා කල ආරාධනයකට අනුව පසුගියදා ලෙස්ලි සේනානායක මහතා අමාත්‍යාංශයට පැමිණියේය.

මෙම වතුර ෆිල්ටරය මගින් නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යවශ්‍ය පිරිසිදු නැවුම් ස්වභාවික සිසිල් ජලය ලබා ගත හැකි බව ලෙස්ලි සේනානායක මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ නැනෝ තාක්ෂණ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය ප්‍රනාන්දු මහතා මේ පිළිබද වැඩිදුර පරීක්ෂණයක් සිදුකරනු ලබයි.

මේ කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කළ අමාත්‍යවරයා ඉදිරියේදී මෙම ජල පෙරහනය එහි ධාරිතාවය වැඩිකොට මහජනතාවට දැරිය හැකි මුදලට දේශීය වෙළදපලට මෙන්ම ජාත්‍යන්තර වෙළදපලට නිකුත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම තම අමාත්‍යාංශය හරහා ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *