27 April 2024
#දේශීය

කහ ප්‍රවාහනය කල තවත් ලොරියක් අත්අඩංගුවට

මන්නාරම, තලෛයිමාන්නාරම මාර්ගයේ තුල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ කහ ප්‍රවාහනය කල කුඩා ලොරි රථයක් පේසාලේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථා‍වේදී කහ කිලෝ ග්‍රෑම් 862 ග්‍රෑම් 370 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 29 ක් වන නිල්ලයාඩි, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (30) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *