• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික කර්මාන්ත විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති

16 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණ.

විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටයෝ සම්මාන උළෙලේ දී ජනපති අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූහ.

මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ ක්ෂේත්‍ර 20කට අදාළ ස්වර්ණ, රජත සහ ලෝකඩ සම්මාන මෙහිදී පිරිනැමිණ.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වනු වස් එම ක්ෂේත්‍රයේ කර්මාන්ත විශිෂ්ටයන් තිදෙනෙක් සහ රාජ්‍ය අංශයේ සමාගම් තුනක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපතිවරයා බලයට පත් කළේ අපේකම රැකගනිමින් යන ගමනක් වෙනුවෙන් විශ්වාසය තබමින් බවත් ඉදිරියටත් ඒ විශ්වාසය මත කටයුතු කරමින් දේශීය කර්මාන්ත නගාසිටුවීමේ වගකීම රජය සතු බව පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, දේශීය කර්මාන්ත අන් කවරදාටත් වඩා වර්තමානයේ පිබිදීමට ලක් වෙමින් තිබෙන බව පැවසීය.

පවතින අභියෝගය ආශිර්වාදයක්ව දේශීය කර්මාන්තකරුවා කරා පැමිණ ඇති බවත් ව්‍යවසායකත්වයක් ගොඩනැගෙමින් දේශීය කර්මාන්ත ඉදිරියට යන ආර්ථිකයකින් සමස්ත ගැටලු නිරාකරණය කරගත හැකි බවත් කර්මාන්ත ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරයි.

පළාත් නවය ආවරණය වන පරිදි පවත්වනු ලබන විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ තරගාවලියෙන් සහ “කර්මාන්ත ශ්‍රී ලංකා – 2022” ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ නිර්මාණ අතුරින් විශිෂ්ටයන් 117 දෙනෙකු සම්මානලාභීන් ලෙස තෝරාගෙන තිබිණ.

අමාත්‍යාංශ ලේකම් දයා රත්නායක, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු සහ සම්මානලාභීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

ආණ්ඩුව විදුලිය කැපීමේ තෑග්ගක් දෙන බව විපක්ෂ නායක හෙළි කරයි

Next Post

මෘත දේහ කොවිඩ් පරික්ෂණ සිදු කිරීම ගැන නව චක්‍රලේඛයක්

editor

editor

Next Post

මෘත දේහ කොවිඩ් පරික්ෂණ සිදු කිරීම ගැන නව චක්‍රලේඛයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved