27 April 2024
#දේශීය

මෘත දේහ කොවිඩ් පරික්ෂණ සිදු කිරීම ගැන නව චක්‍රලේඛයක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණයක පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා PCR පරීක්ෂණය පැවැත්වීම අනිවාර්ය නැති අතර එය අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගේ අභිමතය අනුව සිදුකළ හැකි බව ජාතික කොවිඩ් මෘත දේහ කළමනාකරණ කමිටුවේ සභාපති,නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

ඒ, කොවිඩ් 19 වෛරසය අසාදනය වී මිය යන අයගේ මෘත දේහ කළමනාකරණය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 15 වැනිදා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබිමත් හේතුවෙනි.

ඒ අනුව ඊයේ දින සිට කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවන සියලුම මෘත දේහවලට PCR පරීක්ෂණ සිදු නොකරන බවයි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

අදාළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා තීරණය කරන්නේ නම් පමණක් එම මෘත දේහ වලට PCR පරීක්ෂණයක් සිදුකරනු ඇති.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වූ මුල්කාලයේ සියලුම මෘත දේහ ආදාහනය කළ අතර පසුව වෛරසයේ හැසිරීම ගැන ලැබුණු දැනුම අනුව ආදාහනයට සහ භූමදානයට යන දෙක සඳහාම අවසර හිමිව තිබෙන බවත් ඉදිරියේදී මෙම මෘත දේහ කළමනාකරණය සඳහා ආදාහනය හා භූමදානය ගැන ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද යෝජනා කර තිබෙන බව චන්න පෙරේරා මහතා කියාසිටියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *