• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙනවා – ජනපති

14 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (13) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි දක්වා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන්නේය.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ජාතික ආහාර සුරක්ෂිතභාවය සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ වැඩසටහන ඉතා වැදගත් බවයි. රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමත් සමඟ විදේශ විනිමය ද ඉතිරි කර ගත හැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ජනතාවට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය රටතුළම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදිමට කටයුතු කරන බවත් පැවසීය.

පසුගිය කාලයේ ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රටේ කෘෂිකර්මාන්තයේ යම් පසුබෑමක් ඇති වූ නමුත් ඉදිරි මහ කන්නයට ගොවිජනතාවට ශක්තිමත්ව මුහුණදීමට හැකි පසුබිම මේ වන විට රට තුළ ගොඩනඟ ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සහල් සම්පූර්ණයෙන් රට තුළම නිෂ්පාදනය කිරීමට ගොවි ජනතාව අද ශක්තිමත්ව සිටින බව පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරියේ ද ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා, කාංචන විජේසේකර, අලි සබ්‍රි, නසීර් අහමඩ් , කෙහෙළිය රඹුක්වැල්ල, විජයදාස රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද , රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, සනත් නිශාන්ත , මොහාන් සිල්වා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජගත් පුෂ්පකුමාර, අනුරාධ ජයරත්න,කාදර් මස්තාන්,ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක,එස්. එම් චන්ද්‍රසේන, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, නිමල් ලන්සා, වජිර අබේවර්ධන,දයාසිරි ජයසේකර, ජගත් කුමාර, රංජිත් බණ්ඩාර , එම්. ඒ .සුමන්තිරන් , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

අපිට ආර්ජුන් ඇලෝසියස් එක්ක සම්බන්ධයක් නෑ – ඇමති ප්‍රසන්න

Next Post

ණය ප‍්‍රතිව්‍යුහගත කරණයට අඛණ්ඩව ජපානය සහය ලැබෙනවා -මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

ණය ප‍්‍රතිව්‍යුහගත කරණයට අඛණ්ඩව ජපානය සහය ලැබෙනවා -මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved