27 April 2024
#දේශීය

අපිට ආර්ජුන් ඇලෝසියස් එක්ක සම්බන්ධයක් නෑ – ඇමති ප්‍රසන්න

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොප්කමිටු වාර්තාවට ෆුට් නෝට් දැමූ මන්ත්‍රීවරුන් අදත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (13) බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ අදහස් පල කලේය “ මේ හොරකම වෙනකොට හිටපු ජනාධිපතිතුමා අද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණු කෝප් කමිටු වාර්තාවට කණ්ඩායමක් ෆුට් නෝට් දැම්මා. එකෙන් හර්ෂද සිල්වා, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, අශෝක් අබේසිංහ, අබ්දුල් මහරුෆ්,වසන්ත අලුවිහාරේ, රවීන්ද්‍ර සමරවීර මේ කණ්ඩායමම ‍‍‍ෆුට් නෝට් දැම්මා.මේ අයගෙන් බහුතරයක් අදත් ඉන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්තය එක්කයි. වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයා ලෙස ඒ කණ්ඩායමේ හිටිය කියල පිලිගන්නවා. අපි එදා ඒක කිව්වා. අද නෑ කියන්නේ නෑ.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත අය මැතිවරණ වලටත් වියදම් කළා. ඒ අය ඉන්නේ ඔබතුමන්ලගෙ කණ්ඩායමේ. මම නෙවෙයි කව්වේ. රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමයි. ඔහු කිව්වා සියලුම සංවිධායකයන්ට අර්ජුන් ඇලෝසියස් මුදල් දුන්න කියල. ඒවා නඩුවලින් ඔප්පු වේවි.අපි අර්ජුන් ඇලෝසියස් එක්ක සම්බන්ධ නෑ.ඒ නිසා නෙළුම් කුළුණ සම්බන්ධ කතාව මම දන්නේ නෑ. මෙතුමා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා කියනවද දන්නේ නෑ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *