27 April 2024
#දේශීය

ණය ප‍්‍රතිව්‍යුහගත කරණයට අඛණ්ඩව ජපානය සහය ලැබෙනවා -මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ණය ප‍්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අඛණ්ඩව සහය වන බව ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ වබව පැවසුවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් අතර ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවැති අවස්ථාවට එක්වෙමිනි.

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය/ අධ්‍යක්ෂ ජනරාල් Yutaka Arima මහතා, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ TSTSUMI Taro මහතා, ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා, KATSUKI Kotaro මහතා, අමාත්‍ය/ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, IWASE Kiichiro මහතා, නිරිත දිග ආසියා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, OHASHI Kenji මහතා, පළමු ලේකම්/ ප්‍රධානියා සංවර්ධන සහයෝගිතා අංශය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *