ඔබත් උසස් පෙළ විභාගයෙන් පසු නිවැරදිම වෘත්තීය මාර්ගය තෝරාගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නම්, ජාතික යොවුන් සේනාංකයෙන් (National Youth Corps) ලබාදෙන මාස 3ක පාඨමාලාව සඳහා දැන් ඔබට අයදුම් කළ හැකිය. නව බඳවා ගැනීම් සැප්තැම්බර් 10 දක්වා දීර්ඝ කර තිබේ.
### පාඨමාලාවෙන් ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ:
අන්තර්ජාතිකව පිළිගත් City & Guilds සහතිකය, රු. 100,000ක් දක්වා වූ වෘත්තීය පුහුණු ශිෂ්‍යත්ව සහ ජීවන කුසලතා සමඟ ඔබේ සහජ හැකියාවන්ට ගැළපෙනම රැකියා ක්ෂේත්‍රය හඳුනාගැනීම යන සුවිශේෂී ප්‍රතිලාභ ඔබට හිමිවේ.
අභිමානවත් වෘත්තිකයෙකු ලෙස සමාජයේ නැගී සිටීමට දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයක් වෙත අදම පිවිසෙන්න.
















