අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජලය සමඟ ගසාගෙන පැමිණි උණ පඳුරු සහ කැලිකසල තුල සිරවූ, වාරිමාර්ග දෙමාර්තමේන්තුවට අයත් ජල මාපක යන්ත්රයක් (Acoustic Doppler Current Profiler -ADCP) 2024 ඊයේ (04) දින අළුයම නාවික හමුදාව මඟින් සිදුකල සාර්ථක කිමිදුම් මෙහෙයුමක් මඟින් සොයා ගැනීමට සමත් විය.
මෙම ජල මාපක යන්ත්රය රුපියල් මිලියන 30ක වටිනාකමින් යුත් වන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබනු ලබන ජල මාපකයෙහි GPS යන්ත්රය, ජලය සමඟ ගසාගෙන පැමිණි උණ පඳුරු සහ කැලිකසල තුල පැටලී, ප්රධාන යන්ත්රයෙන් ගැලවී ගොස් ඇති බවත්, එම GPS යන්ත්රය සොයාගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් සිදුකෙරිණි.
ඒ අනුව, එම ඉල්ලීමට වහාම ප්රතිචාර දැක්වූ නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් ඊයේ (04) දින අළුයම කිමිදුම් සහය ලබා දීම සඳහා හංවැල්ල ප්රදේශයට යොමු කෙරිණි.
පවත්නා අධික වාර්ෂාපතනය හමුවේ කැළණි ගඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවධානම් තත්වය මත වුවද, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්රමයක් දරා දිය යට කැලි කසල තුළ සිරවී තිබූ GPS යන්ත්රය සොයා ගැනීමෙන් අනතුරුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.
Navy divers retrieve Rs. 30 million ADCP instrument beneath Hanwella bridge
A successful salvage mission conducted by Navy divers today (04th June 2024) led to the recovery of an Acoustic Doppler Current Profiler (ADCP) instrument from beneath Hanwella bridge. Amidst torrential rainfall, this valuable device worth Rs. 30 million, owned by the Department of Irrigation, was carried away by the surging waters of the Kelani River. The device ultimately became entangled in dense bamboo sticks and river debris.
The ADCP, also known as “River Ray,” is used to measure the speed and direction of currents throughout the water column. With surging waters, its GPS device became entangled in bamboo bushes and debris carried by the water, causing it to detach from the main unit. It is in this backdrop, the Department of Irrigation has requested assistance from Navy Headquarters, seeking Navy diving support to locate and retrieve the lost GPS device.
In response to the urgent request, the Navy promptly dispatched a team from Western Command Clearance Diving & Salvage Unit to the Hanwella area early this morning (04th June). Despite the perilous conditions caused by the Kelani River overflowing due to heavy rainfall, the Navy diving team successfully retrieved the GPS device, which was entangled in underwater debris.