• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් නාවික හමුදාව විසින් මුදා ගැනේ

9 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් මුදා ගෙන තිබේ.

MV LGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට ඊයේ (08) සන්ධ්‍යාවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

බේරුවල ධීවර වරායෙන් 2021 නොවැම්බර් මස 04 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු (06) රැගත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාව (ලියාපදිංචි අංක IMUL-A-0635 KLT) සම්බන්ධයෙන් පසුගිය 01 වනදා දිනෙන් පසුව කිසිදු තොරතුරක් නොමැති බැවින්, මෙම යාත්‍රාව යම් අනතුරකට මුහුණ පා ඇද්දැයි සොයා බලන ලෙස බේරුවල පොලිසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් පසුගිය 04 සහ 05 යන දිනයන්හීදී නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත (MRCC) ආපදා සහන ඉල්ලීමක් යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකාවට අයත් සාගරික සේවීම් සහ මුදවා ගැනීම් කළාපයට යාබද ඉන්දීය සහ මාලදිවයින් සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මාලදිවයිනට අයත් මුහුදු තීරය ඔස්සේ ඉන්දියාවේ පොර්ට් බ්ලෙයාර් (Port Blair) වරාය වෙත යාත්‍රා කරමින් තිබූ MV LGC Periklis (IMO 9796171) නෞකාවේ කපිතාන් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත පසුගිය 07 උදෑසන පණිවිඩයක් ලබා දෙමින්, ගාල්ල සිට නාවික සැතපුම් 332 ක් (කිලෝ මීටර් 614ක් පමණ) නිරිත දෙසින් වූ මාලදිවයිනට අයත් මුහුදු තීරයේ දී අයහපත් කාළගුනික තත්වය හේතුවෙන් පෙරලීමෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවර‍යින් පස් දෙනෙකු (05) එම නෞකාව වෙතින් මුදා ගත් බව දැනුම්දෙන ලදී. තවද, අනතුර හේතුවෙන් එක් ධීවරයෙකු අතුරුදහන් වි ඇති බවත්, මේ වන විට නෞකාව මඟින් මුදාගත් ධීවරයින් පස්දෙනා ගාල්ල වරාය වෙත රැගෙන එන බවත් දැනුම් දෙන ලදී.

ඒ අනුව, MV LGC Periklis (IMO 9796171) මඟින් බේරාගත් ධීවරයින් ඊයේ (08) සන්ධ්‍යාවේ ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, දකුණු නාවික විධානයට අයත් පි 107 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් පවත්නා සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකූලව ඔවුන් කඩිනමින් ගොඩබිමට රැගෙන විත් ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරිමට කටයුතු කෙරිණි.

තවද, ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාව ආපදාවට පත්වීම හේතුවෙන් අතුරුදහන් වූ ධීවරයා සේවීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන මෙන් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් මාලදිවයින් සාගරික සේවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඉල්ලීමක් සිදු කරන ලද අතර, බේරා ගත් ධීවරයින්ගෙන් ලද තොරතුරු මත MV LGC Periklis නෞකාවේ කපිතාන් විසින් ද මේ සම්බන්ධයෙන් මාලදිවයින් සාගරික සේවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇත.

මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනමින් අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ඉදිරියටත් මෙවැනි මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධිකරණ කටයුතු සිදු කිරිම සඳහා නිරන්තර සුදානමින් සිටියි.

 

 

 

Navy renders assistance to fishermen of distressed local fishing vessel at sea

Sri Lanka Navy coordinated the arrangements to bring ashore 05 fishermen, rescued by MV LGC Periklis (IMO 9796171), to the Galle Harbour. The fishermen were in distress as their multiday fishing trawler ‘Asela Putha II’ had capsized due to adverse weather in seas southwestern of Sri Lanka. Having transferred the fishermen ashore, the Navy rushed them to the Karapitiya Hospital, Galle for medical attention this evening (08th January 2022).

 

The multiday fishing trawler ‘Asela Putha II’ (Reg. No. IMUL-A-0635 KLT) left the Beruwala Fishery Harbour for fishing on 04th November 2021, with 06 fishermen. As there was no information about this fishing trawler after 01st January 2022, the Beruwala Police and the Department of Fisheries and Aquatic Resources turned to the Maritime Rescue Coordination Centre (MRCC Colombo) at the Navy Headquarters for assistance on 04th and 05th January, to inquire whether it was in any danger. Promptly responding to the request for assistance, the Navy alerted the MRCCs in India and Maldives to watch over the missing Sri Lankan multiday fishing trawler.

Meanwhile, the Captain of the MV LGC Periklis (IMO 9796171) sailing to the Port Blair of India via Maldivian waters off the southwestern coast of Sri Lanka, disseminated a message to the MRCC Colombo about the distressed Sri Lankan fishing trawler ‘Asela Putha II’ in the morning of 07th January. The ship’s Captain has further indicated that 05 fishermen of the local fishing trawler, which had capsized due to adverse weather in Maldivian waters about 332 nautical miles (about 614 km) southwestern of Galle, has been rescued and being brought to Galle and one fisherman is missing in the accident.

Accordingly, the rescued fishermen were brought to Galle this evening by MV LGC Periklis where P 107 Coastal Patrol Craft attached to the Southern Naval Command transferred them ashore in accordance with COVID-19 protocols. Subsequently, the fishermen were rushed to Karapitiya Hospital, Galle for medical attention.

The MRCC Colombo has requested the MRCC Maldives to carry out onward action with regard to the search of the missing fisherman. The Captain of MV LGC Periklis has also informed the MRCC Maldives in the same regard, based on information received from the rescued fishermen.

Meanwhile, Sri Lanka Navy remains vigilant and committed at all times to assist naval and fishing communities victimized by unexpected hazards at sea.

 

Post Views: 5
Previous Post

රට යන්නේ අයාලේ. එදා වේල ටුවර්ස් – විපක්ෂ නායක

Next Post

තාක්ෂණ විප්ලවයට මෙරට අධ්‍යාපනය සූදානම් – අධ්‍යාපන ඇමැති දිනේෂ්

editor

editor

Next Post

තාක්ෂණ විප්ලවයට මෙරට අධ්‍යාපනය සූදානම් - අධ්‍යාපන ඇමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved