27 April 2024
#දේශීය

රට යන්නේ අයාලේ. එදා වේල ටුවර්ස් – විපක්ෂ නායක

අද රටේ තිබෙන්නේ දේශාභිමානය, අපේකම, බෞද්ධ ආගම දේශපාලනය වෙනුවෙන් තුට්ටු දෙකට දාපු ආණ්ඩුවක් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ පසුගිය දා (07) වැලිඔයදී පැවති සමගි ජන බලවේගයේ හමුවක් අමතමිනි.

එහිදී විපක්ෂනායකවරයා මෙසේ පැවසිය “තරඟෙට සල්ලි අච්චු ගහනවා. සල්ලි අච්චු ගැසීම අධික උද්ධමනයට මිල වැඩිවීමට හේතුවක්. පුන්චි භාන්ඩයක් ගන්න සිම්බාබ්බේ සල්ලි අරන් යන්න ඕනි විල්බැරෝවෙන්. ඒ තරම් මුදල බාල්දු උනා. ඒ තමයි අධික උද්ධමනය. නිසි පියවර නොගත්තොත් අපේ රටත් අනතුරේ. කළ යුත්තේ වැඩබැරිනම් ඉල්ලා අස්වෙලා, සුදුසු කණ්ඩායමකට වගකීම දෙන්න රට ගොඩනගන්න. ජනතාව ප්‍රශ්න ගොඩක ඉද්දි ආණ්ඩුව ඇතුළේ තව තව ප්‍රශ්න. අසූචි නැවට ගෙවන්න ආණ්ඩුවට ඩොලර් ලක්ෂ 67 ක සල්ලි තියෙනවා. ඒත් කිරිපිටි ටිකක් ගෙන්න සල්ලි නෑ. ජනාධිපතිවරණයෙන් පස්සේ කෝටිපතියන් ට බදු සහන දුන්නා. රාජ්‍ය ආදායම අඩු වුණා ශ්‍රේණිගත කිරීමේ ආයතන දැනගත්තා ලංකාවේ ආර්ථිකයේ දුර්වලයි කියලා. එතකොට අපේ රටට විදේශීය ණය වෙළඳපොලේ, අඩු පොලියට ණය ගන්න බැරිවෙනවා. දැන් ආණ්ඩුව අපේ රටේ දේපල වෙන්දේසි සුදුව කරනවා. නැති ඩොලර් ඇති කරන්න. පැහැදිලි ආර්ථික ප්‍රතිපත්ති එක්ක අපි ජාත්‍යන්තර ට කතා කරන්න ඕනේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න” යයිද විපක්ෂ නායකතුමා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *