පවතින වියළි කාලගුණික තත්ත්වය සහ එල් නිනෝ (El Nino) පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස අංශයේ අධ්‍යක්ෂ නීල් රන්දෙණි මහතා අද (06) විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. ගෝලීය දේශගුණ විපර්යාස හේතුවෙන් මෙරට ආර්ථික, සමාජීය සහ විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයන් වෙත එල්ල වන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
එල් නිනෝ තත්ත්වය හමුවේ මතුවන කාලගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද රන්දෙණි මහතා කරුණු දැක්වීය. මෙවැනි අභියෝගාත්මක කාලයකදී ජලය සහ බලශක්තිය ඉතා අරපිරිමැස්මෙන් හා තිරසර ලෙස භාවිත කිරීම මහජනතාව සතු වගකීමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














