27 April 2024
#සංවර්ධන

මන්මුණෙයි පත්තු – එරාවුල් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට නව ගොඩනැගිලි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 29 වන ඉරිදා සිදු කිරිමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිලි ඉදි කර ඇත.

ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 679 කි.

මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකිරීමයි. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලි සඳහා ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි.අලවතුවල මහතා ඇතුළු මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිඇමතිවරු ද සහභාගිවිමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *