27 April 2024
#දේශීය

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව ප්‍රධානීන් පත් කෙරේ

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරය සඳහා නව ප්‍රධානීන් දෙනෙකු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අද (04) පත්වීම් ලිපි ලබා දී ඇත.

ඒ අනුව නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණීයේ පළපුරුදු නිලධාරියෙකු වන ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පත් කර ඇත. ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ද මීට පෙර කටයුතු කර ඇත.

එමෙන්ම නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පත්කර ඇත.

ජනාධිපති අතිරේක ලේකම් වරයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇති නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සහ නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා අද (08/04) දින ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිය පත්වීමට අදාල ලිපි බාර ගන්නා ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *