27 April 2024
#දේශීය

කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද ( 04) අළුයම් කාලයේදී සිදුකල නාවික හමුදා මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයට අයත් පී 014 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේ සිදුකල මෙම මුර සංචාරයේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් පරික්ෂාවට ලක් කරන ලදී. එහිදි එම උරය තුළ පාර්සල් අටක් (08) ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

 

 

 

 

Navy recovers Kerala cannabis worth about Rs. 10 million of street value in northern waters

 

Sri Lanka Navy took hold of about 34kg and 38g (wet weight) of Kerala cannabis floating in the sea area between Kayts and Punguduthive Islands in Jaffna, during a patrol carried out in the sea area in the wee hours of today (04th August 2022).

 

The seizure was made by the Inshore Patrol Craft P 014 attached to SLNS Kanchadewa in the Northern Naval Command, in the sea area between Kayts and Punguduthive Islands this morning. The seized narcotic consignment floating at sea, weighed about 34kg and 38g (wet weight) and it was stuffed in 08 packages.

 

The gross street value of seized Kerala cannabis is believed to be about Rs. 10 million and the stock has been kept in naval custody until it is produced for onward legal action.

Leave a comment

Your email address will not be published. Required fields are marked *